සයුරෙන් එතෙර
අමෙරිකාව සහ ජපානය අතර අලුත් එකඟතාවයක්
February 8, 2025 09:20 am
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජපාන අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඒ, ජපාන අග්‍රාමාත්‍යවරයාගේ අමෙරිකානු සංචාරයට සමගාමීවය.
හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, චීන ආර්ථික ආක්‍රමණයට එරෙහිව අතිරේක සහයෝගීතාවයකට දෙපාර්ශ්වය එකඟ වූ බවය.
කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ද නායකයින් දෙපළ සාකච්ඡා කර තිබේ.
මෙම හමුවේදී ඉන්දු - පැසිෆික් කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන්, විශේෂයෙන්ම චීනය සහ උතුරු කොරියාව සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.