සයුරෙන් එතෙර
ට්‍රම්ප්ගේ USAID තීරණයට අමෙරිකානු අධිකරණයක් තාවකාලික තහනමක් පනවයි
February 8, 2025 10:55 am
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියේ (USAID) සේවකයින් 2,200ක් වැටුප් සහිත නිවාඩු මත තැබීමේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණයට අමෙරිකානු අධිකරණයක් තාවකාලිකව තහනමක් පවනා තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ දහස් ගණනක් කාර්යමණ්ඩලය නිවාඩු මත තැබීමේ සැලැස්ම අභියෝගයට ලක් කරමින් වෘත්තීය සමිති විසින් ගොනු කරන ලද නඩුවක් විභාගයට ගැනීමෙන් අනතුරුව මෙම තහනම් නියෝග නිකුත් කර ඇති බවය.
එක්සත් ජනපද රජයේ ප්‍රධාන විදේශ සංවර්ධන අංශය වන එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියේ පුද්ගලයින් 10,000ක් පමණ සේවය කරන අතර, ඔවුන්ගෙන් තුනෙන් දෙකක් විදේශයන්හි සේවය කරණු ලබන බව සඳහන් ය.