Aero India 2025 සඳහා අමෙරිකාවයි රුසියාවයි ඉන්දියාවට
සයුරෙන් එතෙර

Aero India 2025 සඳහා අමෙරිකාවයි රුසියාවයි ඉන්දියාවට

February 5, 2025   03:38 pm

පෙබරවාරි 10-14 දක්වා බැංගලෝර් හි පැවැත්වීමට නියමිත ගෝලීය ආරක්ෂක ප්‍රදර්ශනයට (Aero India 2025) අමෙරිකාව සහභාගී වන බව නිල ආරංචි මාර්ග තහවුරු කර තිබේ. 

ට්‍රම්ප් පරිපාලනය මේ වසරේ ජනවාරි මාසයේදී බලයට පත්වීමෙන් පසුව ඇති වූ කනස්සල්ලෙන් පසුව මෙම තහවුරු කිරීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම උත්සවය සඳහා එක්සත් ජනපද ගුවන් හමුදාව F-16 සහ F-35 ප්‍රහාරක ජෙට් යානා දෙකක් ඉන්දියාවට යැවීමට අපේක්ෂා කරයි.

ට්‍රම්ප් පරිපාලනය යටතේ ලොව ප්‍රමුඛ සන්ධාන සහ වැඩසටහන්වලින් අමෙරිකාව ඉවත්වෙමින් සිටින පසුබිමක Aero India 2025 ප්‍රදර්ශන මාලාවට අමෙරිකානු හමුදාව සහභාගී වීම විශේෂත්වයකි.

මේ අතර මේ අතර, රුසියාව ද Aero India 2025 හි සිය සහභාගීත්වය තහවුරු කර ඇති අතර ඔවුන්ගේ Su-57 වර්ගයේ පස්වන පරම්පරාවේ ප්‍රහාරක යානය ඒ සඳහා දියත් කරවන බව ද වාර්තා වෙයි.