DeepSeek නිසා ඔස්ට්‍රේලියාව බියෙන්
සයුරෙන් එතෙර

DeepSeek නිසා ඔස්ට්‍රේලියාව බියෙන්

February 5, 2025   10:22 am

ඔස්ට්‍රේලියාව විසින් චීනයේ නවතම AI මෘදුකාංගය වන  DeepSeek වෙත තහනමක් පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ සියලුම රජයේ උපාංග සහ පද්ධතිවලින් DeepSeek තහනම් කර ඇත.

ජාතික ආරක්ෂාවට අවදානමක් පවතින බව පවසමින් ඔස්ට්‍රේලියාව මෙම පියවර ගෙන ඇතැයි සඳහන් ය.

ඔස්ට්‍රේලියානු රජය අවධාරණය කර ඇත්තේ මෙම තහනම් යෙදවුමේ චීන සම්භවය නිසා පමණක්ම නොව එය ජාතික ආරක්ෂාවට ඇති පිළිගත නොහැකි අවදානම නිසා පැනවූ බවය.