19න් පහළ කාන්තා 20යි 20 ලෝක කුසලානයේ අවසන් තරගය අද
February 2, 2025 09:29 am
අවුරුදු 19න් පහළ පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (02) පැවැත්වෙයි.
මැලේසියාවේ ක්වාලාලාම්පූර්හි දී එම තරගය ශ්රී ලංකා වේලාවෙන් දහවල් 12ට ආරම්භ වීමට නියමිතයි.
ඉන්දීය 19න් පහළ කණ්ඩායම සහ දකුණු අප්රිකානු 19න් පහළ කාන්තා කණ්ඩායම අවසන් මහා තරගය සදහා සහභාගී වේ.