කලාපීය අර්බුදයේදී ඉන්දියාවේ හැසිරීම ඊශ්‍රායලය අගය කරයි
සයුරෙන් එතෙර

කලාපීය අර්බුදයේදී ඉන්දියාවේ හැසිරීම ඊශ්‍රායලය අගය කරයි

January 23, 2025   08:42 pm

කලාපීය අර්බුදවලදී ඉන්දියාව ලබාදෙන සහයෝගය අගය කරන බව ඊශ්‍රායලය පවසයි.

ඉන්දියාවේ ඊශ්‍රායලය තානාපති ඒ බව පවසා තිබේ.

ඊශ්‍රායලය සහ ඉන්දියාව අතර අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කම තවදුරටත් අවධාරණය කර ඇති තානාපතිවරයා, කලාපයේ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඊශ්‍රායලය ඉන්දියාව සමග අඛණ්ඩව කටයුතු කරන බව පෙන්වා දී ඇත.

කලාපය තුළ ඉන්දියාවට විශාල කාර්යභාරයක් ඉටු කිරීමට හැකියාව පවතින බවද ඊශ්‍රායලය පෙන්වා දී තිබේ.

හමාස් සමඟ ඊශ්‍රායලය එළඹි සටන් විරාම ගිවිසුමේ වැදගත්කම ගැන ද අදහස් දැක්වූ තානාපතිවරයා පැවසුවේ එය සැලකිය යුතු සන්ධිස්ථානයක් බවය.