
දේශීය කිතුල් කර්මාන්තය වාණිජමය කර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇති බව ග්‍රාමීය කර්මාන්ත හා ස්වයංරැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීර මහතා පවසයි.
දැනට දිවයින පුරා කිතුල් මල් මදින්නන් 30,000 ක් පමණ සිටින බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය. කිතුල් කර්මාන්තයට සම්බන්ධවීමට තරුණ පරපුර මැලිකමක් දැක්වීමට ප්‍රධාන හේතු කිහිපයක් මේ වන විට නිරීක්ෂණය වී ඇති බව හෙතෙම පවසයි. අඩු දැනුම, සමාජ ආකල්ප, වෙළඳපොල ගැටලු හා නීතිමය ගැටලු ඉන් ප්‍රධාන තැනක් ගන්නා බව සෝමවීර මහතා පෙන්වා දෙයි.
කිතුල් නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ අරමුණින් එම කර්මාන්තකරුවන් ලියාපදිංචි කිරීම, ඔවුන්ට විශේෂ හැඳුනුම්පතක් නිකුත් කිරීම, රක්ෂණ හා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීම, දේශීය හා විදේශීය වෙළඳපොල පුළුල් කිරීම සඳහා පියවර ගෙන ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.










































