
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ක්‍රියාත්මක දෙවන යුද අධිකරණය ද අද පැවැත්වුණු බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.
දෙවන යුද අධිකරණය සදහා ද සරත් ෆොන්සේකා මහතා සිය නීතීඥයින් සමගින් පෙනී සිටි බව සමරසිංහ මහතා සඳහන් කළේය. යුද හමුදා සක්‍රිය සේවයේ සිටියදී හමුදා පනත උල්ලංඝණය කරමින් සිදුකළ බව කියන යුද හමුදා මිලදී ගැනීම් සම්බන්ධ චෝදනා වෙනුවෙන් දෙවන යුද අධිකරණය අද ක්‍රියාත්මක විය.
පළමු යුදාධිකරණයේ කටයුතු කළ මේජර් ජෙනරාල්වරුන් තිදෙනාම දෙවන යුධ අධිකරණයේ සාමාජිකයින් ලෙස කටයුතු කළ බව ප්‍රසාද් සමරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ජෙනරාල් සරත් ෆොන්සේකා වෙනුවෙන් ඊයේ දිනයේ පැවැත්වුණු පළමු යුද අධිකරණයේ දෙවෙනි නඩු වාරය අප්‍රේල් මස 06 වන දින පැවැත්වෙන්නට නියමිතය.















































