
කළුතර, නාගොඩ රෝහල අසල උත්සව ශාලාවක පළමු මහලෙන් ඇද වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ එම උත්සව ශාලාවේ මුළුතැන්ගෙයි සහයේකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු බව වාර්තාවේ.
ඔහු ඊයේ(5) රාත්රී භෝජන සංග්රහය පිළියෙල කිරීමෙන් පසු නින්දට ගොස් ඇති අතර අද(6) අළුයම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
අදාළ පුද්ගලයා පොල්ගම්පොළ ප්රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි තිදරු පියෙක් බව වාර්තාවේ.
කළුතර වැඩබලන මහේස්ත්රාත් බන්දුල වීරසිංහ මහතා අද (6) පෙරවරුවේ මහේස්ත්රාත් පරික්ෂණය පැවැත් වූ අතර කළුතර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



















































