
එම වර්ජනය සඳහා ගුරුවරුන්, ප්රවාහන සේවකයින් ඇතුළු ක්ෂේත්ර කිහිපයක වෘත්තීය සමිති සහභාගී වන බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය ඊයේ(04) පැවැති මාධ්ය හමුවේදී ප්රකාශ කළේය.
කෙසේ වුවද තම සංගමය අද දිනයේ වෘත්තීය ක්රියාමාර්ගයට සම්බන්ධ නොවන බව විශේෂඥ වෛද්යවරුන්ගේ සංගමයේ මාධ්ය ප්රකාශක විශේෂඥ වෛද්ය අශෝක ගුණරත්න මහතා ප්රකාශ කළේය.
මේ අතර අද දිනයේ අසනීප නිවාඩු වාර්තාකර සේවයට පැමිණිමෙන් වළකින ලෙස ගුරු සහ විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින බව ලංකා ගුරු සේවා සංගමයේ ප්රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේය.
මේ අතර දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ද අද වර්ජන ක්රිමාර්ගයක නිරත වෙයි.
දුම්රිය ලොකෝමොටිව් සංගමයේ ප්රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේ විශ්රාම වැටුප් කප්පාදුවට එරෙහිව වෘත්තීය ක්රියාමාර්ගයේ නිරත වන බවය
කෙසේ වුවද වරාය, ඛණිජ තෙල්, දුම්රිය, ප්රවාහන, සෞඛ්ය ඇතුළු ක්ෂේත්රවල වෘත්තීය සමිති කිහිපයක් අද පැවැත්වෙන වර්ජනය සඳහා සහභාගී නොවන බව ප්රකාශ කර තිබේ.
මේ හේතුවෙන් දෛනික කටයුතු බාධාවකින් තොරව සිදු කෙරෙන බව එම වෘත්තීය සමිති ප්රකාශ කළේය.



















































