header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මහින්ද ඇතිකරගත් එකඟතා රටට හෙළි කළ යුතුයි
May 04, 201709:52 PM
මහින්ද ඇතිකරගත් එකඟතා රටට හෙළි කළ යුතුයි
Mobitel 1278

2013 මැයි මස 25 වනදා 'ද හින්දු' වෙබ් අඩවියේ පළවූ වාර්තාවේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා පිළිතුරු දිය යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය රජය විසින් ඉන්දියාවට විකුණනවා යැයි පවසමින් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඊනියා ඒකාබද්ධ විපක්‍ෂයට අයත් වෘත්තීය සමිති එක්ව නැවත වතාවක් තෙල් සංස්ථාවේ අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකරනවා යැයි තර්ජනාත්මක මතයක් පතුරුවමින් සිටියි. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති එක්වන බවට ද අදහස් පළවී ඇත. කෙසේ වෙතත් ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය අතහැර දමා මේ වන විට වසර 55ක් ගත වී හමාරයි.

ත‍්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරා දීමේ කිසිඳු යෝජනාවක් වත්මන් රජයේ කිසිවෙකුත් කිසිම අවස්ථාවක සාකච්ඡා කර නැහැ. සාකච්ඡා කර තිබෙන කරුණු 2002 වසරේ සිට ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වූවක්. එනම්, දැනටමත් රටේ ක‍්‍රියාත්මක ඉන්දියානු ඔයිල් සමාගම එහි බෙදා හැරීම් කටයුතු සිදුකරන සී.පී.එස්.ටී.එල්. සමාගම හරහා සී.පී.සී. ආයතනය නොහොත් ශ‍්‍රී ලංකා තෙල් සංස්ථාව සමග ඒකාබද්ධ ව්‍යාපාරයකට එකතු කර ගැනීමයි.

වත්මන් තත්ත්වය එසේ වුවත් අද වන විට මහින්ද රාජපක්‍ෂ මහතා තෙල් ටැංකි බේරා ගැනීම සඳහා ඔහුගේ ඒකාබද්ධ විපක්‍ෂයේ වෘත්තීය සමිති මෙහෙයවමින් සිටියි. එහෙත්, 2013 වසරේ මැයි මාසයේදී මහින්ද රාජපක්‍ෂ මහතා එවකට ඔහුගේ ආර්ථික කටයුතු හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී. බී. ජයසුන්දර ඉන්දියාවට යවා විශේෂ පොරොන්දු කිහිපයක් ලබා දී තිබේ. එම ඉන්දියානු සංචාරයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හෝ ඉන්දියානු රජයට ඉදිරිපත් කළ පොරොන්දු සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් හෝ අදාල රේඛීය අමාත්‍යාංශයේ හෝ ආයතනවල කිසිඳු අනුමැතියක් ලබා ගෙන නොමැත. එහෙත් 2013 මැයි මස 25 වනදා 'ද හින්දු' පුවත්පත සහ 'ද හින්දු' වෙබ් අඩවියඅනාවරණය කරන්නේ ඉන්දියානු ඔයිල් සමාගම සහ ශ‍්‍රී ලංකාවේ තෙල් සංස්ථාව ඒකාබද්ධව සමාගමක් පිහිටුවීමට පී. බී. ජයසුන්දර මහතා යෝජනා කරගත් බවයි. කෙසේ වෙතත් මෙම එකඟතාව සම්බන්ධයෙන් කිසිඳු කරුණක් කැබිනට් මණ්ඩලයට හෝ වෙනත් ආයතනයකට ඉදිරිපත් කර නැහැ.

ඒ අනුව, 2013 මැයි මාසයේ මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පී. බී. ජයසුන්දර ඉන්දියාවට යවා සිදුකළ සාකච්ඡාවල සටහන් මෙන්ම දුන් පොරොන්දු මොනවාද යන්න රටට අනාවරණය කළ යුතුයි. එහිදී ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් තවත් කරුණු ගණනාවක් පිළිබඳව වූ සාකච්ඡා කරුණු මොනවාද, ඒ වගේම, ශ‍්‍රී ලංකාවට ද්‍රව වායු හඳුන්වාදීම සම්බන්ධයෙන් සහ ඒ ආශ‍්‍රිතව සිදුකළ සාකච්ඡා මොනවාදැයි කියා රටට හෙළිකරන ලෙස ඇමති චම්පික රණවක ඉල්ලා සිටියි.

1961 ඉලංගරත්න මැතිතුමා තෙල් ටැංකි ජනසතු කිරීමෙන් පසු ඒවායේ තෙල් ගබඩා කර තිබූ බි‍්‍රටිෂ් පෙට්‍රෝලියම් ආයතනය, ෂෙල් සමාගම ඇතුලූ ජාත්‍යන්තර ආයතන තම තෙල් ටැංකි පද්ධතිය සිංගප්පූරුවට රැගෙන යෑමට කටයුතු කළා. ඒ හේතුවෙන් කිසිම අවස්ථාවක සිංගප්පූරුව එංගලන්තයට හෝ නෙදර්ලන්තයට හෝ ඇමරිකාවට බිලි වූයේ නැත. සිදුවූයේ සිංගප්පූරුව ලෝක තෙල් හා ගෑස් සැපයීමේ මධ්‍යස්ථානයක් බවට පත්වීමයි. ශ‍්‍රී ලංකාවට හිමිවීමට තිබූ එම අවස්ථාව අහිමි වී පමණක් නොවේ අපේ තෙල් ටැංකි අංගනය කැලෑවට යටවී යකඩ කපන්නන්ගේ පාරාදීසයක් බවට පත්විය. ශබ්දනගා රට ජාතිය ගැන කථාකරන කිසිවෙකු එම කැලෑව හෙළිකර තෙල් ටැංකි බේරාගැනීම සඳහා කටයුතු කර නැහැ. පසුගිය අවුරුදු 55 ම සිදුවූයේ තෙල් ටැංකි ආශ‍්‍රිතව කැලෑ වැවීම පමණකි.

වත්මන් රජය බලපට පත්වී තිබෙන්නේ ජාතික සම්පත් පිටරටට විකිණීමට නොවේ. විදේශ ආයෝජකයන් සමග එක්ව මෙම තෙල් ටැංකි සංකීර්ණය විධිමත්ව සියලූ දෙනාගේම වැදගත් යෝජනා සමග සම්බන්ධ කර සංවර්ධනය කිරීමටයි. එය රටට ඉතාම වැදගත් වනවාට කිසිදු සැකයක් නැහැ. විශේෂයෙන්ම තෙල් සංස්ථාවේ අයිතිය තහවුරු කරමින් තෙල් සංස්ථාවටත් සහභාගී විය හැකි පරිදි අන්තර්ජාතික තෙල් වෙළෙඳාමට ඇතුලත් විය හැකි ලෙසත් අන්තර්ජාතික තෙල් හා ගෑස් මධ්‍යස්ථානයක් වශයෙනුත් ශ‍්‍රී ලංකාව පත්කර ගැනීමට මෙම තෙල් ටැංකි සංකීර්ණය යොදා ගැනීමේ හැකියාවක් පවතී.

විද්වත් සහ විද්‍යාත්මක ක‍්‍රියාවලියක් මගින් විශේෂ ආයෝජන ආශ‍්‍රයෙන් තෙල් සංස්ථාවේ ශක්තිය වැඩිදියුණු කරනවා මිස රාජ්‍ය විරෝධී ඊනියා වෘත්තීය සමිති කණ්ඩායම් කිහිපයකගේ තර්ජනවලට, වර්ජනවලට අපේ රජය යටවීමට සූදානම් විය යුතුත් නැති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. අපේ දරුවන්ට බෙහෙත් ලබාගන්න තිබෙන අයිතිය, සැමටම මහපාරේ යන්න තියෙන අයිතිය දේශපාලන මතවාදවලින් උන්මත්තක වුණු වෘත්තීය සමිතිවලට බිලිදීමේ හැකියාවක් නැහැ. විධිමත් සාකච්ඡාවකින් තෙල් සංස්ථාව සංවර්ධනය කළ යුත්තේ කෙසේද යන්න අපට කළ හැකි කරුණක්. එය රටට කරන මහත් සේවයක්.

තත්ත්වය එසේ තිබියදීත් මහින්ද රාජපක්‍ෂ මහතා පී. බී. ජයසුන්දරව 2013 මැයි මාසයේ ඉන්දියාවට යවා ඇතිකර ගත් එකඟතා, යෝජනා සහ ගිවිසුම් වහාම රටට හෙළි කළ යුතුයි. තෙල් සංස්ථාවේ සේවකයින් උසි ගන්වමින්, කුලප්පු කරමින් සිදුකිරීමට උත්සාහ කරන පහත් දේශපාලන අරමුණු පක්‍ෂ, පාට සහ දේශපාලන පුද්ගල චරිත පසෙක ලා හෙළා දැකිය යුතුයි.

MostRead
Mobitel 1278
VideoStories
පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana