header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
වීදුරු ගෙවල්වල ඉඳන් ගල් ගහන්න එපා!
May 01, 201707:27 PM
වීදුරු ගෙවල්වල ඉඳන් ගල් ගහන්න එපා!
Mobitel 1278

කම්කරුවා යන වචනය දැන් භාවිතාවට නොගැණෙන බවත් කම්කරුවා යනු අන් කිසිවකු හෝ නොව, නිපුණ ශ්‍රමිකයා බවත් පෙන්වා දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිපුණ ශ්‍රමිකයන්ගේ හඬට දේශපාලන පක්ෂ හැම විටම යටත් විය යුතු බව පවසයි.

මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති ශ්‍රීලනිප-එජනිස මැයි දින රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

“වැඩ කරන ජනතාවගේ හඬත් සමග හැම විටම ආණ්ඩුවක් කටයුතු කළ යුතුයි. ඒ බව ශ්‍රීලනිපය පැහැදිලිව පෙන්නුම් කර තිබෙනවා“ යයි පෙන්වා දුන් ශ්‍රීලනිප නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා දීර්ඝ වශයෙන් අදහස් දක්වමින් මෙසේද කීවේය.

“මේ පෙළ පාළිය පටන් ගත්තේ පාරවල් දෙකකින් පස්වරු 1.00 ට. ඒ මීට කිලෝමීටර 6 කට එහා. කිලෝමීටර හයේ පෙළ පාළි අවසන් කරන්න පැය හයකට වඩා වැඩි වෙලාවක් ගත වුණා. ශ්‍රීලනිපයේ බලවේගය මේකයි.“

“මේ බලවේගය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහෝදර දේශපාලන පක්ෂවල බලවේගයයි. මේ බලවේගය මේ රටේ වැඩකරන ජනතාවගේ කම්කරු පන්තියේ බලවේගයයි. මේ බලවේගය මේ රටේ වාම ප්‍රගතිශීලී ව්‍යාපාරයේ බලවේගයයි.

“මේ රැළිය පටන් ගන්නකොට මහා වැස්සක් ඇද හැළුණා. මෙතන කථිකයන් කිව්වා අයහපත් කාලගුණය කියලා. වහිනකොට කොහොමද අයහපත් කාලගුණයක් වෙන්නේ.මහනුවරට පෑව්වා. අපි ආවම වැස්සා.මම සතුටු වෙනවා“

“වැස්ස නැත්නම් අපි ගියාම වහිනවා.. ගිය අවුරුද්දේ ගාල්ලට මහා නියඟයක් තිබ්බා. අපි මැයි දිනය පැවැත්වුවා. ගාල්ලට වැස්සා.ලබන අවුරුද්දෙත් ලංකාවේ කොහෙද නියඟය, අපි හොයාගෙන ගිහින් වස්සනවා කියා මං කියන්න ඕනෑ“

“කම්කරුවා කියන වචනය දැන් භාවිත වෙන්නේ නෑ. කම්කරුවා කියා හැඳින්වූ යුගය අවසන් වුණා. අද නිපුණ ශ්‍රමිකයා කියන වචනයයි භාවිතා කරන්නේ. ලෝකයේ නව තාක්ෂණයත් සමග රටක් දියුණු කිරීමේදී ඒ රටේ ප්‍රධාන ප්‍රාග්ධනය බවට පත්ව ඇත්තේ දැනුම බුද්ධිය හැකියාව කුසලකාවය නිර්මාණශීලීභාවය සහ නිපුණ ශ්‍රමික පුහුණවයි. අපේ රට ඉදිරියට ගෙනියන්න ඒ කිසිම දේක අඩුවක් නෑ. ඒ නිසා අපි සැම විටම අපේ රට දියුණු කරන්න ඔබ අප සියලු දෙනා එක්ව ඉදිරියට යා යුතුයි“

“නිපුන ශ්‍රමිකයන්ගේ හඬට දේශපාලන පක්ෂ හැම විටම යටත් විය යුතුයි. වැඩ කරන ජනතාවගේ හඬත් සමග හැම විටම ආණ්ඩුවක් කටයුතු කළ යුතුයි. ඒ බව ශ්‍රීලනිපය පැහැදිලිව පෙන්නුම් කර තිබෙනවා“

“අපිට අද තිබෙන අභියෝග මොනවාද? ඒ අභියෝග ජයග්‍රහණය කළ හැක්කේ කෙසේද? දෙමාපියනි දරුවනි, අතීතයේ සුන්දරත්වය කතා කරමින් සිටීම ඵළක් නෑ. අනාගත සිහින මාලිගා කතා කිරීම වැඩක් නෑ. හෙට දවසේ කාර්ය භාරය අද දවසේ කළ යුතුයි“

“රටක් ගොඩ නඟන්න හැම විටම මූලික විය යුත්තේ ස්වදේශීය චින්තනයෙන් යුත් ජාතිකත්වය මුල් කර ගත් චින්තනයක් බව මා පිළිගන්නවා. අද ලෝකයේ ජාත්‍යන්තර වාදය කියන එක කෙමෙන් කෙමෙන් පහවෙමින් යනවා. ලෝකගේ ප්‍රබල රජ්‍යයන් අනෙකුත් රාජ්‍යයන්ට අත පෙවීම් ඉවත් කරමින් යනවා. සියලු රජ්‍යයන් ස්වදේශිකවාදී චින්තනයත් ජාතිකත්වයත් මුල්කරගනිමින් තමන්ගේ රට ගොඩ නැගීමට මුල් තැන දෙමින් යනවා. අද අපට ලෝකයේ කිසිම රටකින් බලපෑමක් නෑ. ඒ ජයග්‍රහණය ලැබුණේ 2015 ජනවාරි අට ජයග්‍රහණයෙන් පසුව බව කිව යුතුයි“

“මම බොහොම පැහැදිලිව කියනවා අද අපි කිසිම කෙනෙකුට වගඋත්තරකරුවෙක් නොවෙයි. විත්තිකරුවෙක් නොවෙයි. අපි නිදහස් රටක් විදියට ඉස්සරහට යන්න කිසිඳු බාධාවක් නෑ“

“ඔබෙත් මගෙත් මාතෘභූමිය ගොඩනගන්න ශ්‍රීලනිපය ශක්තිමත් කරන්න. අපි ජාතික සංහිඳියාව සමඟිය ශක්තිමත් කරමින් ඔබෙත් මගෙත් මාතෘභූමිය ගොඩනගන්න අවංක සිතින් එකතු විය යුතුයි. මම ශ්‍රීලනිපය ප්‍රජාතන්ත්‍රවාදී කර තිබෙනවා. ශ්‍රීලනිපයේ මධ්‍යමකාරක සභාව ප්‍රජාතන්ත්‍රවාදී කර තිබෙනවා“

“එකල ආණ්ඩු පක්ෂය රැස්වුණාම නිදහසේ තමන්ගේ හඬ මතුවුණාද කියා මං අහනවා. අද ශ්‍රීලනිපය විවෘතයි“

“අද නිදහස් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ස්වයං විවේචනය කරන්න පුළුවන්. ඉස්සරහට යන්න පුළුවන්. මගේ පවුලේ කෙනකුට පුටුවක් හදන්න මම මෙතනට ඇවිත් නෑ. ශ්‍රීලනිපයේ තරුණ සංවිධානය අද නිදහසේ කටයුතු කරනවා. ශ්‍රීලනිප තරුණ සංවිධානයේ අද කුමාරවරු නෑ. තරුණ තරුණයන්ට එන්න පුළුවන්. තරුණ සංවිධානයේ විශාල දියුණුවක් ඇති වී තිබෙනවා. කාන්තා සංවිධානයේ ආර්යාවෝ නෑ. හැම කෙනකුටම වැඩ කරන්න පුළුවන්“

“අපට මේ රට ඉස්සරහට ගෙනියන්න අපි හැම කෙනෙක්ම වගකීම ඉෂ්ඨ කරන්න ඕනෑ. අපට තිබෙන අභියෝග දුගී බව, දුප්පත් කමින් අපි කොහෙමද නිදහස් වෙන්නේ?“

“දුගී බවෙන් නිදහස් වීමේ වර්ෂය ලෙස මේ වසර නම් කළා. කාලගුණික දේශගුණික බාධාවන් තිබෙනවා. රජයක් ලෙස තිරසර සංවර්ධනය මුල් කරගෙන දුගී බව තුරන් කරන්න සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ඔබෙත් මගෙන් මාතෘභූමිය ලෝකයේ ශක්තිමත් ප්‍රබුද්ධ රාජ්‍යක් ලෙස ඉදිරියට යන්න අපි සෑම කෙනෙක්ම කැප වෙන්න ඕනෑ. මේ රටේ තිබෙන ප්‍රශ්න තේරුම් ගන්න ඕනෑ. සියලු ජන කොටස් අතරේ සමගිය සංහිඳියාව ඇති වන්න ඕනෑ. අනිත් ජාතිය අමතර කර රට සමෘද්ධිමත් රාජ්‍යක් ලෙස ඉදිරියට යන්න බැහැ.“

“බලය සඳහා ජාතිවාදී දේශපාලන පක්ෂ හැදී අපි පරිහානියට ගියා. යුද්ධයක් ඇති වුණා. යුද්ධයෙන් අවුරුදු 30 කට ආසන්න වන වේදනා වින්දා.“

“අපේ රණවිරුවන්ට පින්සිද්ධ වෙන්න ඒ ම්ලේච්ඡ යුද්ධය අවසන් කර සාමය ඇති කර ගන්තා. ඒ සාමය යුදමය වශයෙන් එල්ටීටීඊ පරාජය කිරීමයි. නැවත මේ රටේ යුද්ධයක් ඇති නොවන්න රට ඉස්සරහට යන්න යථාර්ථවාදී ලෙස ස්ථිර ලෙස සාමකාමී වෙන්න ජාතික සංහිඳියාව ශක්තිමත් විය යුතුයි. සියලු ජන කොටස් අත්වැල් බැඳගෙන සැකෙන් බියෙන් තොරව ජීවත් වෙන සමාජයක් ගොඩ නැගිය යුතුයි“

“මේ කාලයේ ජාත්‍යන්තර ගිවිසුම් ගැන විවිධ චෝදනා තිබෙනවා. රට කඩනවා, පාවා දෙනවා, බුද්ධාගම නැති කරනවා කියනවා“

“මම පැහැදිලිව කියනවා ශ්‍රීලනිප සභාපතිවරයා ලෙස තමුන්නාන්සෙලා මා කෙරෙහි විශ්වාසයක් තිබ්බා. පොදු අපේකෂකයා ලෙස මා ගැන විශ්වාසයක් තිබ්බා. මම මේ පුටුවට ආවේ ඒ කියන එකක්වත් කරන්න නෙමෙයි. මේ රටේ ස්ථිර සාමයක් ඇති කර දේශීය අනන්‍යතාවය, ස්වදේශිකත්වය රැකගෙන ආර්ථික සමෘද්ධියක් ඇතිව ලෝකයේ ප්‍රබුද්ධ රජ්‍යක් ලෙස මාතෘභූමිය ඉදිරියට ගෙන යන්නයි. අපිට චෝදනා කරන අයට එක දෙයක් කියන්න ඕනෑ. දොන් ජුවන් ධර්මපාලගෙන් පසු මේ රටේ කොටසක් දීම ගැන අතීතයට එක් වුණේ චීනයට ෆෝට්සිටියේ ඉඩම් දීමයි. අපි ජයග්‍රහණය කළාට පසු චීනය සමග සාකච්ඡා කර සින්නක්කර දීම නැවැත්තුවා. අපට නොගැලපෙන දේ ඉවත් කළා. මම පැහැදිලිව කියනවා වීදුරු ගෙවල්වල ඉඳන් ගල් ගහන්න ලෑස්ති වෙන්න එපා“

ශ්‍රීලනිප සභාපතිකම මම බලෙන් බාරගත්තේ නෑ. හිටපු සභාපති හිටපු ජනාධිපති මට එන්න කියා කතා කර බොහොම සුහදශීලී ලෙස සභාපතිකම බාර දුන්නා. ශ්‍රීලනිප සභාපතිකම බලෙන් ගන්න පුළුවන්ද? ඒ සියලු දෙනාගේ ආශිර්වාදයෙන් සුහදශීලීව බාර ගත්තා. පක්ෂයේ ඉදිරි ගමන වලක්වන්න කුමන්ත්‍රණ කළත් මම ඒ හැමෝටම කියනවා පරාජිත ශ්‍රීලනිපය ශක්තිමත්ව ඉදිරියට අරගෙන ඇවිත් පෙන්වා තිබෙනවා. පක්ෂයට ආදරය කරන සියලු දෙනාට මගේ ස්තුතිය පුද කරනවා.

අපි පක්ෂයෙන් කාටවත් යන්න කියා නෑ. පක්ෂයට කාටවත් එන්න එපා කියලත් නෑ. අපි ආසන සංවිධායකවරුන් පත් කළා. සංවිධායකවරුන් ඉවත් කිරීම පක්ෂය දෙකට කැඩීමක් බව කිව්වා. මේක කියන්නේ අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන පක්ෂයට නොයෙකුත් අකුල් හෙළමින් සිටින අයටයි.

“කාන්තාවන්ට දින 84ක ප්‍රසූත නිවාඩු දීමේ තීන්දුවක් අරගනෙ තිබෙනවා. ඒ දින 84 දෙන්නේ සෙනසුරාදා ඉරිදා, පෝය ඇතුළු ඇතුළු අනිකුත් නිවාඩු අත් හැරලයි. එය විශිෂ්ඨ ජයග්‍රහණයක්“

“ඔබ අද දැඩි ලෙස අව්වට වේලුණා. ඔබ අද දැඩි ලෙස වැස්සට තෙමුණා. ඒ ඔබේ රට වෙනුවෙන් තිබෙන කැපකිරීම, පක්ෂය වෙනුවෙන් කැපකිරීම පෙන්නුම් කිරීමක්. ඔබේ ඒ කැපකිරීම ශ්‍රීලනිපයේ අනාගත ජයග්‍රහණයක් වෙනුවෙන්. ශ්‍රීලනිප ඉතිහාසයකට වැඩිම පිරිසක් උතුරෙන් ආවේ මෙවරයි. මුලු රට වශයෙන් ගත්තම විශාල පිබිදීමක් එක්ක මේ බිම පිරී ඉතිරී ගියා“ යයි කී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා....

“මේ රටේ ප්‍රගතිශීලී වාමාංහික ව්‍යාපාරයට ජය වේවා“ යයි කියමින් සිය කතාව අවසන් කළේය.

https://youtu.be/fQn9qsxJM8I
MostRead
Mobitel 1278
VideoStories
පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana