
කොළඹ බී.ආර්.සී. පිටියේ පැවැත්වන එජාප මැයි දින රැළිය අමතමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා, “ පෝය දෙකේ කතාව වෙනස් වෙලා. වෙසක් පෝය දෙකක් බවට පත්වුණා. මහින්ද මහත්තයෝ මැද මුලනට අපි ජනවාරි 8 උත්තරය දුන්නා. වෙසක් පෝය විස්සකින්වත් රාජපක්ෂලාට බලයට එන්න දෙන්නේ නෑ.
“
“ පළාත් පාලන හා පළාත් සභා මැතිවරණයෙන් පසුව රාජපක්ෂවරුන්ගේ බලකොටු සියල්ල් සුන්නද්දූලි වෙලා යනවා. අපි වෙන්ව ඡන්ද කළත් එක්ව ආණ්ඩු කරනවා. 2020 වෙනකම් මේ පාලනය ගෙනියනවා යැයි ඔහු පැවැසීය.



















































