
උසස් පොලීස් නිළධාරින් දෙදෙනෙකු ඇතුළු පොලීස් නිළධාරින් 05 දෙනෙකු ස්ථානමාරු කර තිබේ.
ඒ අනුව පොලීස් අධිකාරි ඩබ්ලිව්.ජේ.එන් සේනාරත්න මහතා ජාතික පොලිස් විද්යාපිඨයේ සිට පොලීස් මූලස්ථානයේ නීති අංශයේ අධ්යක්ෂවරයා ලෙස පත් කර ඇති අතර නිති අංශයේ කටයුතු කළ සහකාර පොලීස් අධිකාරි පී.ජී ධර්මසේන මහතා ජාතික පොලිස් විද්යාපීඨය වෙත භාරකර යවා ඇති බව සඳහන් වෙයි.
කොළඹ අපරාධ අංශයේ කටයුතු කළ ප්රධාන පොලීස් පරික්ෂක ජි.එම්.ඒ මහින්කන්ද මහතා තලංගම ස්ථානාධිපතිවරයා ලෙසත් කොළඹ වංචා විමර්ශන අංශයේ කටයුතු කළ පොලීස් පරික්ෂක එල්.වීරසිංහ මහතා කළුතර උතුර පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙසත් මාරුකර යවා ඇත.
මීට අමතරව කාන්තා ප්රධාන පොලීස් පරික්ෂක සමන්ති මාරඹගේ මහත්මිය අපරාධ වාර්තා කොට්ඨාසයේ ස්ථානාධිපතිනිය ලෙසත් පත් කර ඇති බව සඳහන් වෙයි.
ජාතික පොලීස් කොමිසමේ අනුමැතිය පරිදි වහාම ක්රියාත්මක වන පරිදි පොලීස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් අදාළ පත් කිරිම් සිදු කර ඇති බව වාර්තා වෙයි.



















































