
කඩුවෙල පාළම මත්තෙන් කාන්තාවක් සහ ඇයගේ හය හැවිරිදි පිරිමි දරුවා සමඟ ගඟට පැන ඇතැයි අද දෙරණ වාර්තාකරු පවසයි.
දරුවා බේරා ගන්නා විටත් මිය ගොස් සිට ඇති අතර ඔහුගේ මව සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.
පාළම ආසන්නයේ බැම්මෙහි විශාල වශයෙන් ලේ පැල්ලම් තිබී ඇති අතර දරුවා ගඟට පැනීමට පෙරදීම මිය ගොස් සිටි බවට පොලීසිය සැකපළ කරන බව අප වාර්තාකරු පවසයි.
කෙසේ වෙතත් මේ පිළිබඳ වැඩි දුර පරීක්ෂණ බියගම පොලීසිය විසින් සිදු කරනු ලබයි.



















































