
ඕහිය රජයේ වන වගාවට අවිධිමත් ආකාරයෙන් කසළ බැහැර කිරීම නිසා දැඩි පාරිසරික හානියක් ඇති වීමේ අවදානමක් පවතින බව ප්රදේශවාසීන් පවසයි.
ඕහිය සහ හෝර්ටන්තැන්න ප්රදේශ ආශ්රතව ඇති ලැඟුම්හල්වල එකතු වන අපද්රව්ය මෙලෙස අවිධිමත් ආකාරයෙන් මෙම ප්රදේශයට බැහැර කරන බවට ඔවුන් චෝදනා කරයි.
ඉදිරි වර්ෂා කාලයේදී මෙම ප්රදේශයේ ඇති කැළි කසල සෝදාගෙන යාමෙන් එයට පහලින් පිහිටි ජල මූලාශ්රවලට එකතු වුවහොත් දැඩි සෞඛ්ය ගැටළු ඇති වන බව ප්රදේශවාසීන් පවසයි.
එම නිසා කඩිනමින් මෙම පාරිසරික ගැටළුව විසඳීම සඳහා පියවර ගන්නා ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.



















































