header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මේ වාසිය ශ්‍රිලනිපයටද? එජාපයටද?
Apr 27, 201705:08 PM
මේ වාසිය ශ්‍රිලනිපයටද? එජාපයටද?
Mobitel 1278

ශ්‍රිලනිපයේ ස්ප්‍රීත්තුව, ආසන සංවිධායකකම්වලින් ඉවත් කිරීමෙන් වාසිය සැලසෙන්නේ ශ්‍රිලනිපයටද නැතිනනම් එජාපයටද? යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රශ්න කර සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පෙන්වා දී තිබේ.

එම නිවේදනය පහත පරිදිවෙයි,

2017 අ‌ප්‍රේල් 27
මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කිරීම

2015 ජනවාරියේදී නව නායකයෙකු යටතට පත්වූයේ නොබෙදුණු ශ්‍රිලනිපයකි. පක්‍ෂ නායකත්වය මා සතුව තබා ගැනීමට මම ඒ අවස්ථාවේදී උත්සාහයක් නොගත්තේ අපි කාගෙත් දේශපාලන තෝතැන්න වූ ශ්‍රිලනිපය රැකගැනීමේ උවමනාව නිසාය. දශක හතරක් මුළුල්ලේ ශ්‍රිලනිපයේ සාමාජිකයෙකු මෙන්ම අවුරුදු 13ක් මුළුල්ලේ පක්‍ෂයේ මහලේකම්වරයෙකුද වූ අයෙකු පක්‍ෂයේ නායකයා වූ විට පක්‍ෂයට හානියක් නොවනු ඇතැයි මම මෙන්ම පක්‍ෂ සාමාජිකයනුත් බලාපොරොත්තු විය. 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙනම ඡන්දය ඉල්ලිය යුතු යැයි අප අතර ප්‍ර‍බල මතයක් තිබුණද, ශ්‍රිලනිපය හා එජනිසය තුළින් අපි එම මැතිවරණයටත් තරග කලේ, මේ පක්‍ෂය රැක ගැනීමට අප තුළ තිබුණු උවමනාව නිසාය. ඒ වන විටත් අප තුළ ශ්‍රිලනිපයේ නව නායකත්වයේ ක්‍රියාකලාපය ගැන බරපතළ සැක නොතිබුණා නොවේ.

ශ්‍රිලනිපයේ මේ නව නායකයා ජනාධිපති වූ විගස පාර්ලිමේන්තුවේ ආසන 43ක් පමණක් තිබුණු එජාපයට අගමැතිකම දීම නිසා ඒ වන විටත් පාක්‍ෂිකයන් තුළ තිගැස්මක් තිබුණි. ශ්‍රිලනිපයේ නායකත්වය ලැබීමෙන් පසුවවත් මේ එජාප නැඹුරුව වෙනස් වනු ඇතයි පක්‍ෂ සාමාජියන් බලාපොරොත්තු වුණත්, එවැන්නක් සිදු නොවීය. ඒ වන විට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් තිබුණු එජනිසයේ නායකත්වය ලැබීමෙන් පසු, නව නායකයා කළේ එජනිසයේ බහුතරයත් පාචිච්චි කරමින් යූඑන්පී ආණ්ඩුව පවත්වාගෙන යාමයි. එපමනක්ද නොව 2015 මාර්තු මාසයේදී එජනිස පාලනය යටතේ පැවති පළාත් පාලන ආයතන සියල්ල විසුරුවා, ඉදිරියට පැවැත්වීමට නියම වූ පාර්ලිමේන්තු මැතිවරණයේදී එජනිසයට වාසිදායක වූ සාධකයක් අපිට අහිමි කිරීමටත් නව නායකත්වය කටයුතු කළා. එවන් පසුබිමක් තුළ වුවත්, 2015 අගෝස්තු මැතිවරණය අපි එජනිසය යටතේම තරග කළේ, ශ්‍රිලනිපය නොබෙදා තබා ගැනීමට උපරිම උත්සාහයක් ගතයුතු නිසාය. එමෙන්ම නව ශ්‍රිලනිප නායකයා එජාපයේ ග්‍ර‍හණයෙන් ගලවා ගැනීමට හැකිවේ යැයි බලාපොරොත්තුවක්ද එදා නොතිබුණා නොවේ.

නමුත් 2015 මහ මැතිවරණය එජනිසය ජය ගන්නා බවට ළකුණු පහල වෙමින් පැවති අවස්ථාවේදී ශ්‍රිලනිප නායකයා කටයුතු කල ආකාරයෙන් පාක්‍ෂිකයන් බරපතළ අපේක්‍ෂා භංගත්වයකට පත්විය. ඡන්දයට දින කීපයක් තිබියදී එජනිසය ඡන්දයෙන් දිණුවත් එහි ඡන්ද ව්‍යාපාරය මෙහෙය වූ මට අගමැතිකම දෙන්නේ නැති බවට විවෘත ලිපියක් ලියමින් ශ්‍රීලනිපයේ නව නායකයා කීවේ ඡන්දයෙන් ශ්‍රිලනිපය දිනුවත් ඔහු ජයග්‍ර‍ණය දෙන්නේ එජාපයට බවය. එයින්ද අපේ ජයග්‍ර‍ණය නැවැත්වීමට නොහැකි වේ යැයි ඔහු තුළ වූ සැකය නිසා ඡන්දයට පැය 48ක් තිබියදී ශ්‍රිලනිපයේ හා එජනිසයේ මහ ලේකම්වරුන් දෙදෙනාම ධූරයන් වලින් පහ කරනු ලැබුවේද ශ්‍රිලනිපයේ පරාජය තහවුරු කිරීමටය. මේ ආකාරයට ශ්‍රිලනිප නායකයාගේ උදවු ඇතුව 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණය එජාපය ජයගත් පසු වත්මන් ශ්‍රිලනිප නායකත්වය කළේ ශ්‍රිලනිපයේ මන්ත්‍රීවරුන් පිරිසක් යූඑන්පී ආණ්ඩුවට මුක්කු ගැසීමට යෙදවීමයි.

2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී තේරී පත්වුණු සියලුම මන්ත්‍රීවරුන් ජනතාව ඉදිරියේ පෙනී සිටියේ 2015 ජනවාරි 08 කුමන්ත්‍ර‍ණයට විරුද්ධවය. ඔවුන් සියලුදෙනාම ඡන්දය ඉල්ලුවේ මේ යමපාලන ආණ්ඩුවේ වැඩපිළිවෙළට විරුද්ධවය. එසේ පාර්ලිමේන්තුවට තේරී පත්වුණු මන්ත්‍රීවරුන් තිස් ගණනක් ශ්‍රිලනිප නායකත්වයේ ආරාධනය මත යූඑන්පී ආණ්ඩුවට මුක්කු ගැසීමට ඉදිරිපත් වී සිටීම ගැන මම කණගාටුවට පත්වෙමි. නමුත් ශ්‍රිලනිප හා එජනිස මන්ත්‍රීවරුන් 52 ක් තමන්ට 2015 ලැබුණු යමපාලන විරෝධී ජනවරමට ගරු කරමින් විපක්‍ෂයේ අසුන්ගෙන සිටී.

මෙසේ විපක්‍ෂයේ සිටින ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් විටින් විට, ඔවුන්ගේ ආසන සංවිධායක ධූර වලින් ඉවත් කිරීම දැන් අවුරුදු දෙකක් මුළුලුල්ලේ සිදු වී ඇත. ශ්‍රිලනිප පාක්‍ෂිකයන්ගේ ඡන්දයෙන් පත්කර ගනු ලැබූ අතිශයින්ම ජනප්‍රිය චරිත ආසන සංවිධායක ධූර වලින් ඉවත් කරමින් ශ්‍රිලනිපයේ නායකත්වය මේ කරන්නේ ශ්‍රිලනිපය ශක්තිමත් කිරීම නොව එජාපයේ ජය තහවුරු කිරීමට කටයුතු කිරීමය. අද වන විට එජාප ආණ්ඩුවට මුක්කු නොගැසීමේ වරදට ආසන සංවිධායක ධූර වලින් නෙරපා හැර ඇති ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් අතර, ප්‍ර‍සන්න රණතුංග, බන්දුල ගුණවර්ධන, ගීතා කුමාරසිංහ, ගාමිණී ලොකුගේ, සනත් නිශාන්ත, පියල් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු, මහින්ද යාපා අබේවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, ජගත් බාලසූරිය, සී.බී. රත්නායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ලොහාන් රත්වත්තේ, අනුර විදානගමගේ, සාලින්ද දිසානායක, මොහාන් සිල්වා, ටිකිරි අධිකාරී, ඩී.බී.හේරත්, කංචන විජේසේකර යන මන්ත්‍රීවරුන්ද වේ.

මේ ආකාරයට ශ්‍රිලනිපයේ ස්ප්‍රීත්තුව, ආසන සංවිධායකකම්වලින් ඉවත් කිරීමෙන් වාසිය සැලසෙන්නේ ශ්‍රිලනිපයටද නැතිනනම් එජාපයටද? මෙසේ ඊයේ පෙරේදා ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කළ ජනක බණ්ඩාර තෙන්නකෝන් මාතලේ දිස්ත්‍රික්කයේ ශ්‍රිලනිපය වෙනුවෙන් කළ මෙහෙවරවත් සැලකිල්ලට ගෙන නැති බව පැහැදිලිය. එතුමාගේ දිවන්ගත පියා ටී.බී.තෙන්නකෝන් ශ්‍රිලනිපයේ ආරම්භක සාමාජිකයෙකු මෙන්ම 1956 විප්ලවයේ පුරෝගාමීයෙකුද විය. ලොහාන් රත්වත්තේ ඉවත් කිරීමට පෙර ඔහුගේ දිවංගත පියා ශ්‍රිලනිපයටත් රටටත් කල සේවය ගණන් ගෙන තිබෙනවාද? ශ්‍රිලනිප නායකයාගේ මේ වැඩ පිළිවෙල නිසා ශ්‍රිලනිපයේ ආසන සංවිධායක කමත් බාල්දු වී ඇති තරම ඩලස් අලහප්පෙරුම, ජනක වක්කුඹුර
හා රෝහණ දිසානායක ස්වේච්චාවෙන්ම තම සංවිධායක ධූරවලින් ඉවත් වීමෙන් පෙනේ. ප්‍ර‍මිත බණ්ඩාර තෙන්නකෝන් සිය පියාට වූ අසාධාරණය නිසා දෙවරක් නොසිතා තමාට තිබුණු පළාත් ඇමති ධූරයෙනුත් ඉල්ලා අස්විය.

පක්‍ෂයේ පතාක යෝධයින් ආසන සංවිධායක කම්වලින් ඉවත් කරමින් මේ ගෙන යන වැඩපිළිවෙළ නිසා ශ්‍රිලනිපය දෙකඩ කිරීමේ සමපූර්ණ වගකීම පක්‍ෂ නායකයා භාරගත යුතුය. යූඑන්පී ආණ්ඩුවට මුක්කු ගසන මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායක කම් එසේම තිබියදී ආණ්ඩුවට විරුද්ධ මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායකකම් නැති කිරීමෙන් ශක්තිමත් වෙන්නේ ශ්‍රිලනිපයද නැතිනම් එජාපයද යන්න පොඩි ළමයෙකුට වුවත් තේරුම් ගැනීමට අපහසු නැත. තමන්ට 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබුණු ජණවරමට ගරු කරමින් විපක්‍ෂයේ සිටින ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවෙනුත් ඉවත් කොට ඇත. මේ කුමන ක්‍රියාමාර්ග ගත්තත් ශ්‍රීලනිප නායකයාගේ අනුග්‍රාහකත්වය යටතේ පවතින මේ දුර්දාන්ත ආණ්ඩුව දිනෙන් දිනම පිරිහීම වැලැක්විය නොහැක.

ශ්‍රිලනිපයේ මන්ත්‍රීවරුන් පිරිසකුත් ආණ්ඩුව ශක්තිමත් කිරීමට යෑමෙන් පසුත් ආණ්ඩුවට වැඩ බැරිනම්, බලා සිටියදී ගිලෙන ඔය නැවේ තවදුරටත් සිටින්නේ කුමටදැයි, ඒ ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්ද කල්පනා කර බැලිය යුතුය. ඡන්දයකදී කිසිදාක ශ්‍රිලනිපයට ඡන්දය නොදෙන, ජාතික දේශපාලන පක්‍ෂ මෙන් මැයි දිනය සමරන්නේ නැති, උතුරු නැගෙනහිර ජාතිවාදී පක්‍ෂවල සාමාජිකයන්ට නොමිලේ විනෝද සවාරි ලබා දී ගෙන්වාගෙන ඔලුගෙඩි පෙන්වා ජනතාව රැවටීමට උත්සාහ ගත්තත්, දිගින් දිගටම මේ ආණ්ඩුව ඡන්ද කල් දමමින් සිටන්නේ, ඔවුන්ට රට තුළ තිබෙන සැබෑ බලය ගැන අවබෝධයක් තිබෙන නිසා විය යුතුය.

මම 2015, අපට ලැබෙනු ජනවරම අනුව ‍මේ ආණ්ඩුවට එරෙහි විපක්‍ෂ බලවේගයට නායකත්වය දෙමින් මේ දුර්දාන්ත ආණ්ඩුව පරාජය කිරීමට කැප වෙන බව මෙහදී නැවතත් ප්‍රකාශ කර සිටමි. ශ්‍රිලනිපය එජාපයේ වලිගයක් බවට පත් කිරීමට විරුද්ධ සියලුම ශ්‍රිලනිප පාක්‍ෂිකයන්ටත්, මේ ආණ්ඩුවේ ජාතිද්‍රෝහී වැඩපිළිවෙලට විරුද්ධ මහජනතාවටද ගාලු මුවදොර මැයි රැළියට සහභාගී වී මේ ආණ්ඩුවට ප්‍ර‍බල පණිවුඩයක් යවන මෙන් මම ආරාධනය කර සිටිමි.

මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

MostRead
Mobitel 1278
VideoStories
පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana