
එජනිස පාර්ලිමේන්තු මන්ත්රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා, දඹුල්ල ශ්රීලනිප සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට විරෝධය පළකරමින් ඔහුගේ පුත් ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මධ්යම පළාත් අමාත්ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
මධ්යම පළාත් සභාවේ කර්මාන්ත, යෞවන කටයුතු, වනිතා කටයුතු, ග්රාමීය සංවර්ධන හා ක්රීඩා අමාත්ය ධූරයේ කටයුතු කරනු ලැබුවේ ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාය.
කෙසේ වෙතත් ඔහු ස්වකීය අමාත්ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මධ්යම පළාත් ආණ්ඩුකාරවරිය වෙත අද (25) පස්වරුවේ ආණ්ඩුකාරවර කාර්යාලයේදී බාරදුන් බව සඳහන්ය.



















































