header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
රනිල් එදා මෙදා තුර අගමැති වූ හැටි!
රනිල් එදා මෙදා තුර අගමැති වූ හැටි!
Mobitel 1278

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික, සමාජවාදී ජනරජයේ අගමැතිවරයා ලෙස සිවුවැනි වරටත් හෙට දිනයේ දිවුරුම් දීමට නියමිත රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරට පත්වන්නේ ලෝක වාර්තාවක් සම කරමිනි.

ලෝක දේශපාලන ඉතිහාසය පිරික්සා බැලීමේ දී සිවුවරක් අගමැති තනතුරේ දිවුරුම් දුන් ප්‍රථමයා බ්‍රිතාන්‍යයේ විලියම් එවර්ට් ග්ලැඩ්ස්ටන් (1809 – 1898) මහතාය.

ලිබරල් පක්ෂය නියෝජනය කළ විලියම් එවර්ට් ග්ලැඩ්ස්ටන් 1868 වසරේ සිට 1894 වසර දක්වා සිවුවරක් එනම් (1868–74), (1880–85), (1886 පෙබරවාරී සිට ජූලි ) සහ (1892–94) වශයෙන් අගමැති තනතුරට පත්ව ඇත.

මේ අනුව මෙවැනි වාර්තාවක් සම කෙරෙන්නේ වසර 121 ක තරම් දීර්ඝ කාලයකට පසුවය.

නිදහස් ලංකාවේ ප්‍රථම අගමැති ඩී. එස්. සේනානායක මහතාගේ අභාවයෙන් පසුව 1952 වසරේ මාර්තු මස 26 වැනිදා අග්‍රාණ්ඩුකාර සෝල්බරි සාමිවරයා ඩඩ්ලි සේනානායක මහතා අගමැති තනතුරට පත් කළේය.

එම වසරේම පැවැති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කරමින් ඔහු යළිත් අගමැති තනතුරට පත් වූ අතර යළි දිවුරුම් දීමක් සිදු නොවූ බැවින්, 1960 හා 1965 යන වසරවල ද අගමැති තනතුරට පත් වූ ඩඩ්ලි සේනානායක මහතා සැලකෙන්නේ තුන් වරක් දිවුරුම් දුන් අගමැතිවරයකු ලෙසය.

මේ අනුව හෙට සිවුවැනි වරටත් සිදුවන මේ අගමැති පදවි ප්‍රාප්තිය දකුණු ආසියානු, පමණක් නොව ජගත් දේශපාලන වංශ කතාවේද අතීශය විරල සිදුවීමකි.

2015 මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මනාප ඡන්ද 500,566ක් ලබා ගත්තේය. එය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ජනමත විචාරණයකින් ලබා ගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව ද වේ.


රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ගමන් මගෙන් බිඳක්...

එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාට සහ නාලිනි වික්‍රමසිංහ යන මහත්මියට දාව දෙවන පුතු ලෙස උපන් රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා 1949 මාර්තු 24 උපත ලැබීය.

කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට තේරී පත්වී නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන්නේය.

ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා මෙරට අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ පළමුවැන්නා ලෙසද ඒ මහතා සැලකෙයි.

1970 වසරේ මැද භාගයේදී කැලණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළ වික්‍රමසිංහ මහතා පසුව බියගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත්විය.

එවකට ජේ.ආර්. ජයවර්ධන රජයේ කැබිනට් මණ්ඩලයේ සිටි ලාබාලතම අමාත්‍යවරයා වූයේද රනිල් වික්‍රමසිංහ මහතාය.

එහිදී ඔහු දැරුවේ තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍ය ධූරයයි.

කැලණිය විශ්ව විද්‍යාලයේ, ඉංග්‍රීසි අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමග 1994 වසරේදි ඒ මහතා විවාහ දිවියට එළඹිණ.

1993 වසරේ මැයි පළමුවැනිදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා එල්.ටී.ටී.ඊ.ය විසින් ඝාතනය කිරීමෙන් පසුව 1993 මැයි 07 වනදා රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අගමැතිවරයා ලෙස පළමු වතාවට පත් කෙරුණි.

එම පත්වීම 1993 මැයි 7 සිට 1994 අගෝස්තු 19 දක්වා පැවැතිණ.

රනිල් වික්‍රමසිංහ මහතා දෙවන වරට අගමැති වන්නේ 2001 වසරේදී පැවැති මැතිවරණ ජයග්‍රහණයෙන් පසුවය.

එම තනතුර 2001 දෙසැම්බර් 9 වැනිදා සිට 2004 අප්‍රේල් 6 දක්වා පැවැතිණ.

රනිල් වික්‍රමසිංහ මහතා තෙවැනි වතාවට යළි අගමැති වන්නේ 2015 ජනවාරී 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති වීමෙන් පසුවය.

ඉන් අනතුරුව පසුගිය 17 වැනිදා පැවැති මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලද ජයග්‍රහණයත් සමග නැවතත් එනම් සිව්වැනි වතාවට රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට සුදානමින් සිටී.

වෙළඳ කලාප, විද්‍යාපීඨ, තරුණ සේවා සභාව, අන්තර්ජාලය, ජංගම දුරකථන යනාදිය එජාප රජයන් යටතේ රනිල් වික්‍රමසිංහ මහතා ඇමති තනතුරු දැරූ සමයේ මෙරටට අත්කර දුන් හා ආරම්භ කළ ව්‍යාපෘති ලෙස සැලකිය හැකිය.



MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා...

බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා...

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

ලොව ජය ගත් හැටි එකමිටට කියන විජිත | Ada Derana

ලොව ජය ගත් හැටි එකමිටට කියන විජිත | Ada Derana

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

COP 31 සමුළුව එකඟතාවකින් තොරව අවසන්

COP 31 සමුළුව එකඟතාවකින් තොරව අවසන්

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

 2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

 උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

 තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

 40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

 ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

 හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

 රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි