
එල්.ටී.ටී.ඊ සංවිධානය යළි සංවිධානය කිරීමට කටයුතු කළ බව කියන සැකකරුවන්ට රැකවරණ ලබාදුන් බවට චෝදනා එල්ලවුණු කිළිනොච්චියේ පදිංචිව සිටි බාලේන්ද්‍රන් ජෙයකුමාරි අද(10) අධිකරණයෙන් ඇප පිට නිදහස් වී තිබේ.
එල්.ටී.ටී.ඊ ය යළි සංවිධාන කිරීමට මුල්වූ බව කියන ගෝපි ඇතුළු පිරිසකට නවාතැන්දීම හා රැකවරණ සැලසීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගනු ලැබූ ඇය දින 362 ක කාලයක් රක්ෂිත බන්ධනාගාරව සිට අද අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී ලක්ෂ 2ක ශරීර ඇපයක් මත ඇය නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල විසින් නියෝග කර ඇත.
එසේම ඇයට රටින් පිටවීම තහනම් කළ විනිසුරුවරිය සෑම මසකම අවසාන ඉරිදා දිනයේ තම පදිංචිව සිටින පොලිස්බල ප්‍රදේශයේ පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කළ බව සඳහන්ය.
අදාළ නඩුව යළි ජූලි මස 07 වන දින කැඳවන බැවින් එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ ඇය දින නියමයක් නොමැතිව රඳවා තබාගැනීමට එරෙහිව මානව හිමිකම් සංවිධාන හා සිවිල් ක්‍රියාකාරීන් පසුගිය කාලයේ අඛණ්ඩව හඬ නැඟූහ.

















































