
දෙහිවල ඕබන් පෙදෙසේදී පසුගිය අගෝස්තු 29 වැනිදා පෙට්‍රල් දමා ගිනි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ එම කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ මහතාට ලද තොරතුරකට අනුවය.
සැකකරු, ඝාතනයෙන් පසුව මහනුවර ප්‍රදේශයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පලායෑමට භාවිත කළ මෝටර් රථයද පොලිසිය සොයාගෙන ඇත.
ඝාතනය වූ පුද්ගලයා මීට වසර දෙකකට පමණ ඉහතදී සිය පියා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකළ බව සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබේ.
එමෙන්ම සැකකරු කොස්මල්ලි නම් අපරාධකරුගේ සමීපතමයෙක් වන අතර ඝාතනය වූ පුද්ගලයා බඩෝවිට අසංක නම් අපරාධකරුගේ සමීපතමයෙක් බවද සඳහන්.
ඔවුන් දෙදෙනාටම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

















































