
ඛාර්ග් දූපත ආසන්නයේ නැංගුරම් ලා තිබූ ඉරාන තෙල් ප්‍රවාහන නෞකාවකට අමෙරිකාව විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැති අතර නැවේ සිටි කාර්ය මණ්ඩලය ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේ වෙතත්, මේ පිළිබඳව ඉරාන බලධාරීන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර අමෙරිකානු මධ්‍යම බලකායද අදහස් දැක්වීමෙන් වැළකී සිටී.
පසුගිය අගෝස්තු 31වනදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඛාර්ග් දූපත විනාශ වන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ අතර, ඛාර්ග් දූපතට ප්‍රහාරයක් එල්ල වුවහොත් දැඩි ලෙස ප්‍රතිචාර දක්වන බවට ඉරානය මීට පෙර අනතුරු අඟවා තිබුණි.

















































