
දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස හා ආරක්ෂක අංශ රැඳවුම් බාරයේ සිටින ජෙයකුමාරි බාලේන්ද්‍රන් නිදහස් කරන ලෙස ඉල්ලා අතුරුදන්වූවන්ගේ මව්පිය එකමුතුව සංවිධානය, වවුනියාව පුරවැසි කමිටුව, දෙමළ ජාතික සන්ධානය ඇතු`ළු කණ්ඩායමි කිහිපයක් ඒකාබද්ධව අද (10) වවුනියාව අධිකරණ සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.
විරෝධතාවයට එක් වු අතුරුදහන්වූවන්ගේ පවුල් එකමුතුව සංවිධානයේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා පැවසුවේ රජය වර්තමානයේ ර`දවාගෙන සිටින දේශපාලන සිරකරුවන් වහා නිදහස් කළ යුතු බවයි.
විරෝධතාවය සංවිධානය කළ වවුනියාව පුරවැසි කමිටුවේ සභාපති කි‍්‍රෂ්ණපිල්ලේ දේවරාජා මහතාට පෙරේදා (08) රාති‍්‍රයේදි කිසියම් පිරිසක් පහරදීමක් සිදු කොට ඇති බව විරෝධතාවයට එක් වු දෙමළ ජාතික සන්ධාන පාර්ලිමෙන්තු මන්තී‍්‍ර ශිවශක්ති ආනන්දන් මහතා පැවසුවේය.
රජය උතුරේ ජනතාවට නිදහසේ සිය අදහස් ප‍්‍රකාශ කිරීමට ඇති අයිතිය පවා උදුරාගනිමින් සිටින අතර,රජයේ රැඳවුම් බාරයේ සිටින දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කළ යුතු බැව්ද හෙතෙම කීවේය.
විරෝධතාවය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන ඊ. සරවනබවන් මහතා, සෙල්වම් අඩෙයිකලනාදන් මහතා, විනෝ නෝහදාරලිංගම් මහතා, ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
විරෝධතාවය හේතුවෙන් වවුනියාව අධිකරණ සංකීර්ණය අවට ප‍්‍රදේශයේ ආරක්ෂාවද තර කොට තිබිණ.
විරෝධතාකරුවන් වවුනියාව නගර සභා කි‍්‍රඩාංගණයේදී හා වවුනියාව අධිකරණ සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවයක නිරත වී සිටි අයුරුය.
ඡායා රූ - මාධව කුලසූරිය

















































