header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මැතිවරණය පවත්වයිද සැකයි - එල්.ටී.ටී.ඊ කතා කීම පිස්සුවක්
Jul 16, 201312:53 PM
මැතිවරණය පවත්වයිද සැකයි - එල්.ටී.ටී.ඊ කතා කීම පිස්සුවක්
Mobitel 1278

උතුරේ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානම් බවක් පෙන්නුවද ආණ්ඩුව විසින් එය ස්ථිර වශයෙන්ම පවත්වාවිද යන්න පිළිබඳ තමන් තුළ සැකයක් පවතින බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය ධූර අපේක්ෂක සී.වී විග්නේශ්වරන් මහතා පවසයි.

මේ වන විටත් මැතිවරණයට එරෙහිව ‍අධිකරණයට පෙත්සමක් ඉදිරිපත්වී ඇති බව විග්නේශ්වරන් මහතා අද දෙරණට කියා සිටියේය.

මේවන විට උතුරු ප්‍රදේශයේ සම්පූර්ණ බලය ආරක්ෂක හමුදා හා රාජ්‍ය නිලධාරීන් හරහා ආණ්ඩුව විසින් තරකරගෙන සිටින බවත් , මැතිවරණයක් පැවැත්වීමෙන් එකී බලය මඳ වශයෙන් හෝ අඩුකර ගැනීමට ආණ්ඩුව කැමැත්තක් දක්වනු ඇතැයි තමා නොසිතන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බැවින් උතුරේ මැතිවරණයක් ගැන වැඩි වශයෙන් කතා බහ කිරීම සිදුවන බව ප්‍රධාන අමාත්‍ය ධූර අපේක්ෂකයා කියා සිටියේය.

ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් මැතිවරණයට ඉදිරිපත්වීම පිළිබඳ මාස ගණනාවක් තිස්සේ එහි නායකයින් තමන්ගේ කැමැත්ත විමසා සිටි බවත්, මුලදී තමන් ඊට ඒ තරම් කැමැත්තක් නොදැක්වූ නමුත් දිගින් දිගටම කළ ඉල්ලීම් නිසා අවසානයේදී ඒ සඳහා කැමැත්ත ප්‍රකාශ කළ බවත් ඔහු සඳහන් කළේය.

මාවෙයි සේනාධි රාජාගේ නම යෝජනා වී තිබුණේද තමන් නිසි පිළිතුරක් ලබා නොදුන් කාලය තුළදී බවත් , අවසානයේ ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ තමන්ට කැමැත්ත ලබා දුන් බවත්, සේනාධි රාජා මහතාද අවසානයේ පැමිණ තමන්ට ඒ සඳහා ඉදිරිපත්වන ලෙස ඉල්ලා සිටි බවත් ඔහු කියා සිටියේය.

ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවලට තිබිය යුතු බව තමන් පුද්ගලිකව විශ්වාස කරන බවත් , ලොව බලය ‍බෙදා ඇති කිසිදු රටක පොලිස් හෝ ඉඩම් බලතල ලබා නොදී නොසිටි බවත් , එසේ නොකොට ජනතාව‍ගේ අයිතිවාසිකම් සුරක්ෂිත නොවන බවත් විග්නේශ්වරන් මහතා එහිදී පෙන්වා දුන්නේය.

13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සං‍ශෝධනයෙන් සිදුව ඇත්තේ එක් අතකින් බලය ලබාදී අනෙක් අතින් බලය උදුරා ගැනීමක් බවත්, සෑම පළාතකම කටයුතු සිදුවෙද්දී ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය අත්‍යවශ්‍යයවීම නිසා පළාත්වලට මුළුමනින්ම ස්වෛරීය ලෙස ක්‍රියා කළ නොහැකි බවත් ඔහු සිහිපත් කළේය.

බලය ලබාදුනහොත් රට දෙකඩවිය හැකි බවට අනතුරු ඇඟවීම් කරනු ලබන්නේත් එය විශ්වාස කරනු ලබන්නේත් රටේ ඉතිහාසය ගැන සිංහල ජනතාවට වැඩි තේරුමක් නොමැති නිසා බව විග්නේශ්වරන් මහතා කියා සිටියේය.

මේ රටේ ඉතිසාහාසය හොඳින් විමසා බලන විට උතුරේ ද්‍රවිඩ මිනිසුන් ජීවත්වන විට පාලි භාෂාව පැමිණ පසුව සිංහල භාෂාව පැමිණ රටේ ප්‍රමුඛත්වයට පත්වූ බව පැහැදිලි වන බවත්, එහෙත් බහුතර සිංහල ප්‍රජාව තාමත් මහාවංශය පමණක් තමාගේ එකම දැනුම ලෙස විශ්වාස කරන බවත් ඔහු පැහැදිලි කළේය.

රටේ ඉතිහාසය පිළිබඳ ටිකෙන් ටික දැනුමක් ලබන විට මේ ගැටලු මගහැර යා හැකි වුවත් , තමාගේ පටු අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා දේශපාලනඥයින් එලෙස දැනුම ලබාගැනීමට ඇති ඉඩකඩ අහුරා දමන බවත් පෙන්වාදෙන ඔහු කළයුත්තේද දැනුවත්වීම පමණක් බවත් අවධාරණ කළේය.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරුන් එල්.ටී.ටී.ඊ සංවිධානය වෙනුවෙන් සෘජුව පෙනී සිටි බැවින් විග්නේශ්වරන් වැනි උගත් බුද්ධිමත් නායකත්වයක් පෙරට දමා පෙර පරිදි තම සැඟවුණු න්‍යාය පත්‍රය පසු පස සිට ක්‍රියාත්මක කිරීමක් ඉදිරියේදී සිදුවිය හැකිදැයි අසන ලද පැනයකට පිළිතුරු දෙමින් විග්නේශ්වරන් මහතා පවසා සිටියේ එවැන්නක් සිදුවිය නොහැකි බවයි.

එල්.ටී.ටී.ඊ ය සිටියදී පැවති ටී.එන්.ඒ පක්ෂය හා එල්.ටී.ටී.ඊ ය යුදමය වශයෙන් පරාජය කළ පසු ටී.එන්.ඒ යනු එකක් නොව දෙකක් බවත් , එල්.ටී.ටී.ඊ සංවිධානය බලවත්ව සිටියදී ද්‍රවිඩ ජාතික සන්ධානයට වුවද නිදහසේ දේශපාලනය කළ නොහැකිවූ බවත් , එහි නායකයින් කිහිපදෙනකු එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඝාතනය කළ බවත් ඔහු සිහිපත් කළේය.

එල්.ටී.ටී.ඊ ය මුළුමනින්ම පරාජය කළ බවට කියන ආණ්ඩුවම මේ තුළ එල්.ටී.ටී.ඊ න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක වන්නේ යැයි සිතීම පිස්සුවක් බවත් , එය හුදෙක් දේශපාලන වාසි වෙනුවෙන් ගොතන ප්‍රලාපයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

උතුරේ ප්‍රධාන අමාත්‍යධූර අපේක්ෂකයා ලෙස තමාට අවසාන වශයෙන් තම ඡන්ද දායකයන්ටත් පොදුවේ රටේ සියලුම දෙනාටත් ප්‍රකාශ කිරීමට ඇත්තේ තමන් කෙරෙහි විශ්වාසය තැබිය යුතු බව යැයි විග්නේශ්වරන් මහතා කියා සිටියේය.

භේද නොවී එකිනෙකා කෙරෙහි විශ්වාසය තැබීමෙන් මේ රට ඉදිරියට ගෙනියාමට හැකියාව ලැබෙනු ඇති බවත් , එසේ නොවී දැනට පවත්නා ආකාරයෙන්ම ඉදිරියට කාලය ගතවී ගියහොත් තවත් වසර 10-15 ක කාලයක් යන විට යළිත් ගැටුම්කාරී තත්ත්වයක් උද්ගතවිය හැකි යයිද හෙතෙම එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

MostRead
Mobitel 1278
VideoStories
 අයවැය අරන් ජනපති පාර්ලිමේන්තුවට...

අයවැය අරන් ජනපති පාර්ලිමේන්තුවට...

 අකාලයේ මිලිනවී ගිය සකුරා මල

අකාලයේ මිලිනවී ගිය සකුරා මල

 කල් ගිය රනිල්ගේ නඩුව... සුගීෂ්වර තවදුරටත් රිමාන්ඩ්... ජොන්ස්ටන්ගේ නඩුවත් කල්යයි

කල් ගිය රනිල්ගේ නඩුව... සුගීෂ්වර තවදුරටත් රිමාන්ඩ්... ජොන්ස්ටන්ගේ නඩුවත් කල්යයි

කස්සප හිමි මාරාන්තික උපවාසයක... සසුන රැකගන්න මිහින්තලා කටුසෑයේදී අධිෂ්ඨාන පූජාවක්

කස්සප හිමි මාරාන්තික උපවාසයක... සසුන රැකගන්න මිහින්තලා කටුසෑයේදී අධිෂ්ඨාන පූජාවක්

ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

 මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

Mobitel 1278
Lassana Flora
Spotlight
බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

 වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

මහජන කොමිසමට දීමනා මල්ලක්

මහජන කොමිසමට දීමනා මල්ලක්

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

රේස් ගිය බස් එකට ගැටී 4ක් මරුට - 6කට බරපතළයි

රේස් ගිය බස් එකට ගැටී 4ක් මරුට - 6කට බරපතළයි

මේ වසරේ මෙතෙක් මාරක රිය අනතුරු 2,257කින් 2,381ක් මිය ගිහින්

මේ වසරේ මෙතෙක් මාරක රිය අනතුරු 2,257කින් 2,381ක් මිය ගිහින්

 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ