
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සමීප සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් පවත්වා තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතා සංගමයේ (IORA) 25 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට සමගාමීව මෙම හමුව පවත්වා ඇත.
එහිදී ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා, මාලදිවයින් විදේශ අමාත්‍ය ඉරුතිෂාම් ආදම් (Iruthisham Adam) මහත්මිය හමුවී සාකච්ඡා කර තිබේ.
මෙම හමුවේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීම සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ක්ෂේත්රයන්හි සහයෝගීතාව ඉදිරියට ගෙන යාම සඳහා දෙපාර්ශ්වයේම පවතින පොදු කැපවීම යළිත් තහවුරු කළ බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව පදනම් කර ගනිමින්, දෙරටටම වැදගත් වන ක්ෂේත්‍ර රැසක සබඳතා ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී තිබේ.















































