
දෙවුන්දරට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, හෙරොයින් සහ අයිස් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රාවක් සමග සැකකරුවන් 7දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
දේශීය හා විදේශීය බුද්ධි අංශ සහ සමුද්‍රිය හවුල්කරුවන් සමග එක්ව ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපයෙන් ඔබ්බට, මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් දියත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නාවික හමුදාවට මෙම මෙහෙයුම සාර්ථකව සිදුකිරීමට හැකිවී ඇත.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් සමග ධජ රහිත යාත්‍රාව, ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීම සඳහා මේ වනවිට ගොබිමට රැගෙන එමින් තිබේ.
ඉන්දීය සාගරයේ ඇති නෞකා ගමන් මාර්ග ඔස්සේ නිදහස් මුහුදු ගමනාගමනය තහවුරු කිරීම වෙනුවෙන්, නාවික හමුදාව කලාපීය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමග සිදුකළ ශක්තිමත් සම්බන්ධීකරණය මෙම මෙහෙයුම සාර්ථක කරගැනීමට හැකිවී ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාව ලොව විශාලතම බහුජාතික නාවික සන්ධානය වන, ඒකාබද්ධ සමුද්‍රීය බලකායේ සාමාජිකත්වය ලබා තිබීම සහ කොළඹ තොරතුරු විලයන මධ්‍යස්ථානය හරහා තත්‍යකාලීන නිවැරදි තොරතුරු සහිතව සමුද්‍රීය වසම් පිළිබඳ සියලු සමුද්‍රිය පාර්ශ්වයන්ගේ දැනුවත්භාවය ශක්තිමත් කර තිබේ.
කොළඹ තොරතුරු විලයන මධ්‍යස්ථානය හරහා බුද්ධි තොරතුරු සහ සමුද්‍රීය තර්ජන තක්සේරු කිරීම් සඳහා චන්ද්‍රිකා තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණය ඔස්සේ ලබාගන්නා දත්ත ඒකාබද්ධ කෙරෙන අතර, ගුවන් හමුදාව සමග සිදුකෙරෙන ඒකාබද්ධ ගුවන් ආවේක්ශන සහ නිරීක්ෂණ මගින් සාගරයේ නිරීක්ෂණ වපසරිය පුළුල් කර ඇත.
මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම වෙනුවෙන් පසුගිය 2025 වර්ශයේ ඔක්තෝබර් මාසයේදී රජය විසින් ආරම්භ කළ 'රටම එකට' ජාතික මෙහෙයුමේ දිගුවක් ලෙස ජාත්‍යන්තර මුහුදේදී මෙම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සිදුකරනු ලැබේ.
එම මෙහෙයුම ආරම්භ වූ දා සිට මේ දක්වා සිදුකළ මෙහෙයුම් මගින්, නාවික හමුදාව රුපියල් බිලියන 116කට අධික (රු.කෝ. 11,600) දළ විථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සිය භාරයට ගැනීම සිදුකර ඇත.
2026 වර්ෂයේ ජනවාරි මාසයේ සිට මේ දක්වා සිදුකළ මෙහෙයුම් මගින්, විදේශීය යාත්‍රා 04ක් ඇතුළුව යාත්‍රා 66ක්, විදේශීය පුද්ගලයන් 18ක් ඇතුළුව සැකකරුවන් 379ක් නීතිය හමුවට පමුණුවා තිබේ.











































