
රටම එකට ජාතික මෙහෙයුම් මාලාව යටතේ මේ දක්වා රුපියල් බිලියන 116කට අයත් මත්ද්‍රව්‍ය නාවික හමුදා භාරයට ගෙන ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
අද (27) පැවැති දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධව පැවැත්වූ විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ පසුගිය වසරේ ඔක්තෝබර් මස 30 වන දින රටම එකට ජාතික මෙහෙයුම ආරම්භ කර කළ බවත් ඒ අනුව මේ වන විට සැකකරුවන් 379ක්ද අත්අඩංගුවට ගෙන ඇති බවය.
එමෙන්ම මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදා ගන්නා යාත්‍රා 66ක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.











































