
බංග්ලාදේශයේ බලයෙන් පහ කෙරුණු හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ හිටපු නියෝජ්‍ය මාධ්‍ය ලේකම්වරයා ඇතුළු තිදෙනෙකු ඩකා අගනුවරදී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හසීනාගේ හිටපු නියෝජ්‍ය මාධ්‍ය ලේකම් K.M. Shakhawat Moon සහ තවත් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ඔහු සමඟ අත්අඩංගුවට ගත් අනෙක් දෙදෙනා වන්නේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු සහ ආදායම් බදු නීතිඥවරයෙකු බවද පැවසෙයි.
විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරන්නේ ඩකා නුවර ඔවුන් තිදෙනා රඳවා ගැනීමෙන් අනතුරුව පොලිස් භාරයට ගෙන ඇති බවය.
ලබන මාසයේදී ෂෙයික් හසීනා යළි සිය රට බලා පැමිණීමට සැලසුම් කර තිබීමත් සමඟ උද්ගතව ඇති දේශපාලන නොසන්සුන්තාව හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ආරක්ෂාව තර කර ඇත.
ඒ යටතේ හසීනාගේ උපන් ගම අයත් ගෝපාල්ගන්ජ් දිස්ත්‍රික්කයටද බළකායක් යෙදවීමට පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි.











































