header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන පිළිබඳව විශේෂ සාකච්ඡාවක්
බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන පිළිබඳව විශේෂ සාකච්ඡාවක්
Mobitel 1278

ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන පිළිබඳව කොළඹ පිහිටි රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානීන් සහ නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කොළඹ පිහිටි රටවල් 19ක තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් සහ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම යුරෝපා සංගමය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලය (UNRCO) නියෝජනය කරමින් නියෝජිතයෝ ද මෙම සාකච්ඡාවට එක්ව තිබේ.

මීට අමතරව, නවදිල්ලියේ සිට ශ්‍රී ලංකාවට අක්ත ගන්වා ඇති රටවල් හයක රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල නියෝජිතයෝ ද මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම සාකච්ඡාවට සහභාගී වී ඇත.

මෙම පිරිස අතර ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනට දැනටමත් සහාය ලබා දෙන පාර්ශ්ව මෙන්ම ඉදිරියේදී සහාය ලබා දීමට අපේක්ෂා කරන පාර්ශ්ව ද සිටින බව සඳහන්.

මෙහිදී ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන යටතේ මේ දක්වා අත්කරගෙන ඇති ප්‍රගතිය, ඉදිරි සැලසුම් සහ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳව සමාලෝචනය කෙරිණි.

ශ්‍රී ලංකාවේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ජාත්‍යන්තර හවුල්කාරිත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

එමෙන්ම, 2027 වසර සඳහා රජයේ ජාතික අයවැයෙන් මෙම වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 950ක මුදලක් වෙන් කර ඇති බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්ය මණ්ඩලයෙන් ආසන්න වශයෙන් සියයට 40ක් කාන්තාවන් වන අතර, වැඩසටහනේ සාර්ථකත්වය සඳහා ඔවුන් ලබා දෙන වැදගත් දායකත්වය ද මෙහිදී ඇගයීමට ලක් ව ඇත.

ශ්‍රී ලංකාව මේ දක්වා අත්කරගෙන ඇති ප්‍රගතිය අගය කළ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයෝ ඉදිරියටත් සිය සහාය ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ.

බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා නව මූල්‍ය සම්පාදන ක්‍රමවේද පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙතෙක් මෙම වැඩසටහනට සහාය ලබා දුන් පරිත්‍යාගශීලී රටවලට සහ ආයතනවලට ස්තුතිය පළ කළ අමාත්‍යවරයා, බිම්බෝම්බවලින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා එක්වන ලෙස නව හවුල්කරුවන්ගෙන් ද ඉල්ලා සිටියේය.

නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්වරයා, ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජාතික බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෝ ද මෙම අවස්ථාවට සහභාගී වී ඇත.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරත වන MAG, The HALO Trust, SHARP සහ DASH යන සංවිධාන හතරේ නියෝජිතයෝ ද මෙම අවස්ථාවට එක් ව තිබේ.
 

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

මහ සයුරේ හොර රහසේ සිදුවෙන මෝර වරල් සහ බීඩි කොළ ජාවාරම

මහ සයුරේ හොර රහසේ සිදුවෙන මෝර වරල් සහ බීඩි කොළ ජාවාරම

රවී සෙනවිරත්නගේ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට දින නියම කෙරේ

රවී සෙනවිරත්නගේ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට දින නියම කෙරේ

වරද පිළිගත් ඩයනා...

වරද පිළිගත් ඩයනා...

මැතිසබය හෙල්ලෙන්න පක්ෂ විපක්ෂ  කියපු කතා එක පෙළට....

මැතිසබය හෙල්ලෙන්න පක්ෂ විපක්ෂ කියපු කතා එක පෙළට....

උක් කර්මාන්තය නගා සිටුවීමට ශ්‍රී ලංකාව හා බ්‍රසීලය අතර තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක්

උක් කර්මාන්තය නගා සිටුවීමට ශ්‍රී ලංකාව හා බ්‍රසීලය අතර තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක්

ඩෙල්ෆ්ට් දූපතට ඉන්ධන පිරවුම්හලක්...

ඩෙල්ෆ්ට් දූපතට ඉන්ධන පිරවුම්හලක්...

 "මුඛයේ තුවාලයට අධෝමුඛයේ බෙහෙත් තිබ්බා වගේ..." ඇමති පෝල්රාජ්ගේ කුලය ගැන කතාවට හතරවටින් දොස්

"මුඛයේ තුවාලයට අධෝමුඛයේ බෙහෙත් තිබ්බා වගේ..." ඇමති පෝල්රාජ්ගේ කුලය ගැන කතාවට හතරවටින් දොස්

 30ට සැරසෙන වෘත්තිය සමිති අද ආණ්ඩුවට පෙන්නපු රතු එළි...

30ට සැරසෙන වෘත්තිය සමිති අද ආණ්ඩුවට පෙන්නපු රතු එළි...

වාසු අල්ලස් කොමිසමට

වාසු අල්ලස් කොමිසමට

සිනහාමුසු මුහුණින් කොටුව අධිකරණයට ආ ජොන්ස්ටන්

සිනහාමුසු මුහුණින් කොටුව අධිකරණයට ආ ජොන්ස්ටන්

ස්කූටියේ ආ කතට දිවි අහිමි කළ මාරක බස් අනතුර...

ස්කූටියේ ආ කතට දිවි අහිමි කළ මාරක බස් අනතුර...

 සජිත්ගේ සුපිරි ක්‍රිකට් දැනුම

සජිත්ගේ සුපිරි ක්‍රිකට් දැනුම

මහින්ද ජයසිංහට අමතක වුණු පරණ බැඳීම මතක් කරලා දෙන ස්ටාලින් - ''මොන තරම් උද්දච්චද? | Ada Derana

මහින්ද ජයසිංහට අමතක වුණු පරණ බැඳීම මතක් කරලා දෙන ස්ටාලින් - ''මොන තරම් උද්දච්චද? | Ada Derana

බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා...

බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා...

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

කුඹුරුවලින් 1/3ක වී වගාව නතර කරනවා අපිට බනී: බැනුම් අහලා හුරුයි - ඇමති ලාල්කාන්ත

කුඹුරුවලින් 1/3ක වී වගාව නතර කරනවා අපිට බනී: බැනුම් අහලා හුරුයි - ඇමති ලාල්කාන්ත

 ට්‍රම්ප් රටවල් 14කට යළි තීරුබදු පනවයි - 12ක්ම ආසියාවේ

ට්‍රම්ප් රටවල් 14කට යළි තීරුබදු පනවයි - 12ක්ම ආසියාවේ

 T.O. සහ සහන නිලධාරීන්ගේ වෘත්තීය පියවර හේතුවෙ

T.O. සහ සහන නිලධාරීන්ගේ වෘත්තීය පියවර හේතුවෙ

 පළාත් 5කට අද මි.මී. 100 ඉක්මවූ තද වැසි | Ada Derana

පළාත් 5කට අද මි.මී. 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

අයිස් කට්ටිය වැඩිවෙයි - හෙරොයින්වලට ඇතුළට යෑම අඩුවෙයි

අයිස් කට්ටිය වැඩිවෙයි - හෙරොයින්වලට ඇතුළට යෑම අඩුවෙයි

අම්මා රට ගිහින් : ආච්චි භාරයේ සිටි බාලවයස් සිසුවිය කෙලෙසු SI අවුරුදු 50ක් හිරගෙට

අම්මා රට ගිහින් : ආච්චි භාරයේ සිටි බාලවයස් සිසුවිය කෙලෙසු SI අවුරුදු 50ක් හිරගෙට

ළමා හිංසකයින්ගේ නම් ප්‍රසිද්ධියට

ළමා හිංසකයින්ගේ නම් ප්‍රසිද්ධියට

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ඉල් පොහොය අදයි  | Ada Derana

ඉල් පොහොය අදයි | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana