
දූෂණයට එරෙහිව කටයුතු කිරීමේදී ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව සහ රුසියාව අතර අවබෝධතා ගිවිසුමකට අද (26) අත්සන් තබා තිබේ.
ඒ, රුසියානු සමූහාණ්ඩුවේ නීතිපති ඇලෙක්සැන්ඩර් ගුත්සාන් මහතා සහ ශ්‍රී ලංකාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති විනිසුරු නීල් ඉද්දවල මහතා අතර කොළඹදීය.
මෙම ගිවිසුම මඟින් දෙරටේ අදාළ ආයතන අතර සහයෝගීතාව පුළුල් කිරීම, දැනුම හා විශේෂඥ දැනුම හුවමාරු කරගැනීම සහ දූෂණයට එරෙහිව ඒකාබද්ධව කටයුතු කිරීම අපේක්ෂා කෙරේ.
එමෙන්ම, අවංකභාවය සහ යහපාලනය ශක්තිමත් කිරීම සඳහා ද මෙම ගිවිසුම වැදගත් පියවරක් වනු ඇති බව සඳහන් වේ.
එහිදී අදහස් දක්වමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති විනිසුරු නීල් ඉද්දවල මහතා අවධාරණය කර ඇත්තේ දූෂණයට දේශසීමා නොමැති බැවින් ඊට එරෙහි සටන ද දේශසීමාවලට සීමා නොවිය යුතු බවය.










































