
නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා සහ රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන අභිචෝදක ජනරාල් Aleksander Gutsan අතර හමුවක් අද (26) දින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.
එහිදී දෙරට අතර ඇති දීර්ඝකාලීන සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කර ගනිමින් ඉදිරි කටයුතු සිදු කිරීම සහ නීතිමය සහයෝගීතාවය වර්ධනය කර ගැනීම ඇතුළු නීතිමය වශයෙන් වැදගත් වන කරුණූ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්ය.
ඒ සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමක් සඳහා ද අත්සන් කිරීම ද මෙරට නීතිපතිවරයා සහ රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන අභීචෝදක ජනරාල් විසින් සිදුකරන ලදී.
ශ්‍රී ලංකාවේ අපරාධවලට සම්බන්ධ වූ පුද්ගලයින් රුසියාවට පලාගොස් සැගවී මුල්‍යමය කටයුතු සහ දේපළ වැනි දෑ සගවා ගෙන සිටී නම් අපරාධයකින් උද්පාදිත දේ පිළිබඳ පනතට අනුව මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කරන සහයෝගය නිරන්තරයෙන් ලබාදීමට කටයුතු කරන බව මෙහිදී රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන අභිචෝදක ජනරාල් විසින් සඳහන් කර ඇත.
අධිකරණ කටයුතු සම්බන්ධයෙන් මෙන්ම අනෙකුත් කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් ලබාදෙන සහයෝගය ද එහිදී පැසසීමට ලක්විය.
රුසියානු සමූහාණ්ඩුවේ ඉහළ පෙලේ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.










































