
ගුරු විදුහල්පති සේවයේ පවතින වැටුප් විෂමතාවලට සාධාරණ විසඳුම් ලබාදීමේ සහ එම සේවාවන්හි වෘත්තීයභාවය හා ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් අධ්‍යාපන වෘත්තික සභාවක් පිහිටුවීමට රජය කටයුතු කරමින් සිටින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින් සමඟ ඊයේ (25) ඉසුරුපාය අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකදීය.
මෙහිදී ගුරු විදුහල්පති සේවයේ වැටුප් විෂමතා, දීමනා සහ සේවා ප්‍රතිසංස්කරණ පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු විය.










































