
CORDELIA EMPRESS මගී නෞකාව අද (26) උදෑසන කොළඹ වරායට පැමිණ තිබේ.
සංචාරක මගීන් 1,600ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 588 දෙනෙකුගෙන් සමන්විත මෙම නෞකාවේ පැමිණි පිරිස අතරින් 1,800 දෙනෙකු අද දිනයේදී කොළඹ නගරය, පින්නවල අලි අනාථාගාරය සහ ගාල්ල යන ප්‍රදේශවල සංචාරය සඳහා පිටත්ව ගොස් ඇත.
එම සංචාරකයින්ගෙන් සියයට 90ක් පමණ ඉන්දීය ජාතිකයින් බව සඳහන් වේ.
ප්‍රධාන වශයෙන් ඉන්දීය සහ අග්නිදිග ආසියානු සංචාරක වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන මෙම නෞකාව ඉන්දියාව තුළ දේශීය නාවික සංචාර මෙන්ම කලාපීය ජාත්‍යන්තර සංචාර ද සිදු කරයි.
මීටර් 210ක දිගින් යුත් මෙම නෞකාවේ මහල් 11ක් පුරා මගී කාමර 796ක් පිහිටා තිබේ.
2026-2027 සංචාරක සෘතුවට අදාළව තවත් සංචාරක ගමන් වාර තුනක් සඳහා ලබන දෙසැම්බර් 17, 24 සහ 31 යන දිනවලදී ද මෙම නෞකාව කොළඹ වරායට පැමිණීමට නියමිතය.










































