header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
විදේශ රටවල ලිංගික අපරාධවලට වරදකරුවන් වූවන්ට මෙරටදී නීතිය ක්‍රියාත්මක කිරීම ගැන සාකච්ඡා
විදේශ රටවල ලිංගික අපරාධවලට වරදකරුවන් වූවන්ට මෙරටදී නීතිය ක්‍රියාත්මක කිරීම ගැන සාකච්ඡා
Mobitel 1278

විදේශ රටවලදී ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වරදකරුවන් වී මෙරටට පිටුවහල් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව, විදේශීය අධිකරණ මඟින් ලබාදෙන එවැනි නඩු තීන්දු මෙරට තුළ පිළිගැනීම සහ ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ එම සංසදය විසින් පත් කරන ලද අනුකමිටුවේ ඒකාබද්ධ රැස්වීමක් පසුගිය 23 වනදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණේ සංසදයේ සභාපතිනි, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සහ අනුකමිටුවේ සම සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ යන මහත්මීන්ගේ ප්‍රධානත්වයෙනි.

එහිදී අමාත්‍යවරිය පෙන්වා දී ඇත්තේ විදේශ රටවලදී ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වරදකරුවන් වී මෙරටට පිටුවහල් කරන පුද්ගලයන්ගේ පෙර අපරාධ වාර්තා පිළිබඳව මෙරට අදාළ ආයතන දැනුවත් නොවීම හේතුවෙන් ඔවුන් සාමාන්‍ය පුද්ගලයන් ලෙස සමාජගත වීමට ඉඩ ඇති බවය.

එමඟින් එවැනි පුද්ගලයන් නැවතත් ලිංගික අපරාධවල නිරත වීමේ අවදානමක් පවතින බවද ඇය පෙන්වා දී තිබේ.

ඒ අනුව, විදේශ රටවලදී ලිංගික අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වූ ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා ජාත්‍යන්තර සම්බන්ධීකරණ ක්‍රමවේදයක් සකස් කිරීම සහ එම තොරතුරු පොලිස් අපරාධ වාර්තා පද්ධතියට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය නීතිමය හා තාක්ෂණික ක්‍රමවේද හඳුන්වාදීම පිළිබඳව සාකච්ඡා වී ඇත.

එමෙන්ම, ළමයින් සමඟ කටයුතු කරන ආයතනවල රැකියා සඳහා බඳවා ගැනීමේදී අනිවාර්ය පසුබිම් පරීක්ෂාවක් සිදු කිරීම සහ නැවත අපරාධ සිදුවීම වැළැක්වීම සඳහා අවදානම මත පදනම් වූ නීත්‍යනුකූල අධීක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය වී තිබේ.

මීට අමතරව, පරිවාස භාරයේ පසුවන චූදිත සහ වින්දිත දරුවන්ගේ ආරක්ෂාව, සෞඛ්‍ය හා යහපැවැත්ම තහවුරු කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇත. එම දරුවන් සෑම මාස හයකට වරක් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කර වෛද්‍ය සහ චර්යාත්මක වාර්තා පවත්වාගෙන යාමේ හැකියාව පිළිබඳව ද අවධානය යොමුව තිබේ.

එසේම, පළාත් සභා යටතේ පාලනය වන පරිවාස ආයතන මධ්‍යම රජය යටතට පවරා ගැනීමේ හැකියාව සහ එම ආයතනවල ප්‍රධාන තනතුරු සඳහා පරිවාස සේවයේ පළපුරුදු නිලධාරීන් පත් කිරීමේ වැදගත්කම පිළිබඳව ද සාකච්ඡා වී ඇත.

තවද, 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත සහ 1999 අංක 37 දරන නඩත්තු පනත ඇතුළු කාන්තාවන්ගේ සහ දරුවන්ගේ අයිතිවාසිකම් හා ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ පනත් කඩිනමින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය වී තිබේ.

කාන්තාවන් සහ දරුවන් සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ග කඩිනම් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව ඇති අතර, රජයේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් අධිකරණ තීන්දු ලබාදීමේදී ඇතිවන ප්‍රමාදයන් අවම කිරීමට විධිමත් ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකා ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි සහ අනුකමිටු සාමාජිකාවන් ඇතුළු කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

 "මුඛයේ තුවාලයට අධෝමුඛයේ බෙහෙත් තිබ්බා වගේ..." ඇමති පෝල්රාජ්ගේ කුලය ගැන කතාවට හතරවටින් දොස්

"මුඛයේ තුවාලයට අධෝමුඛයේ බෙහෙත් තිබ්බා වගේ..." ඇමති පෝල්රාජ්ගේ කුලය ගැන කතාවට හතරවටින් දොස්

 30ට සැරසෙන වෘත්තිය සමිති අද ආණ්ඩුවට පෙන්නපු රතු එළි...

30ට සැරසෙන වෘත්තිය සමිති අද ආණ්ඩුවට පෙන්නපු රතු එළි...

වාසු අල්ලස් කොමිසමට

වාසු අල්ලස් කොමිසමට

සිනහාමුසු මුහුණින් කොටුව අධිකරණයට ආ ජොන්ස්ටන්

සිනහාමුසු මුහුණින් කොටුව අධිකරණයට ආ ජොන්ස්ටන්

ස්කූටියේ ආ කතට දිවි අහිමි කළ මාරක බස් අනතුර...

ස්කූටියේ ආ කතට දිවි අහිමි කළ මාරක බස් අනතුර...

 සජිත්ගේ සුපිරි ක්‍රිකට් දැනුම

සජිත්ගේ සුපිරි ක්‍රිකට් දැනුම

මහින්ද ජයසිංහට අමතක වුණු පරණ බැඳීම මතක් කරලා දෙන ස්ටාලින් - ''මොන තරම් උද්දච්චද? | Ada Derana

මහින්ද ජයසිංහට අමතක වුණු පරණ බැඳීම මතක් කරලා දෙන ස්ටාලින් - ''මොන තරම් උද්දච්චද? | Ada Derana

බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා...

බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා...

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

ලොව ජය ගත් හැටි එකමිටට කියන විජිත | Ada Derana

ලොව ජය ගත් හැටි එකමිටට කියන විජිත | Ada Derana

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

Mobitel 1278
Lassana Flora

Spotlight

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

අයිස් කට්ටිය වැඩිවෙයි - හෙරොයින්වලට ඇතුළට යෑම අඩුවෙයි

අයිස් කට්ටිය වැඩිවෙයි - හෙරොයින්වලට ඇතුළට යෑම අඩුවෙයි

අම්මා රට ගිහින් : ආච්චි භාරයේ සිටි බාලවයස් සිසුවිය කෙලෙසු SI අවුරුදු 50ක් හිරගෙට

අම්මා රට ගිහින් : ආච්චි භාරයේ සිටි බාලවයස් සිසුවිය කෙලෙසු SI අවුරුදු 50ක් හිරගෙට

ළමා හිංසකයින්ගේ නම් ප්‍රසිද්ධියට

ළමා හිංසකයින්ගේ නම් ප්‍රසිද්ධියට

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ඉල් පොහොය අදයි  | Ada Derana

ඉල් පොහොය අදයි | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana

පාතාල මර්දන රාජකාරියට යද්දී මිදිගමදී ජීප් රිය දුම්රියක ගැටී STF 4කට තුවාල - දෙදෙනකුට බරපතළයි

පාතාල මර්දන රාජකාරියට යද්දී මිදිගමදී ජීප් රිය දුම්රියක ගැටී STF 4කට තුවාල - දෙදෙනකුට බරපතළයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

 2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

 උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු