
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 03 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා ඉදිරියේ කැඳවූ අතර, එහිදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා ද අධිකරණයේ පෙනී සිටියේය.
මූලික සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 03 වනදා දක්වා කල්තැබීමට අධිකරණය නියම කළේය.










































