
මෙරට ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් මෛත්‍රීය කුල්කර්ණි මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සුහද හමුවක් පවත්වා තිබේ.
ඒ, ඊයේ (25) පස්වරුවේ කොළඹ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ දී ය.
එහිදී, ද්විපාර්ශ්වික සබඳතා කෙරෙහි ද අවධානය යොමු කරමින් සුහද පිළිසඳර නිරත වී ඇති අතර මෙවැනි හමුවීම් හරහා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වන බව හැඟෙන බව මහින්ද රාජපක්ෂ මහතා සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.










































