
මෙරට විද්‍යුත් සංචාරක අවසර පත්‍ර නිකුත් කිරීමේ වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය වී ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
පද්ධතියේ සිදුකෙරෙන නඩත්තු කටයුතු හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව සඳහන් වේ.
ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින්ට පූර්ව විද්‍යුත් සංචාරක අනුමැතියක් ලබාගැනීමකින් තොරව ගුවන් යානාවලට ගොඩවීමට නැවත දැනුම්දෙන තෙක් තාවකාලිකව අවසර ලබාදී ඇත.
මේ සම්බන්ධව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පාකිස්තානය, කැමරන්, නයිජීරියාව, අයිවරි කෝස්ට්, ඝානාව, ඇෆ්ගනිස්තානය සහ සිරියාව යන රටවල පුරවැසියන්ට මෙම තාවකාලික සහනය අදාළ නොවන බවය.
අදාළ සහනයට සුදුසුකම් ලබන මගීන්ට ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී හෝ වෙනත් අදාළ පිවිසුම් ස්ථානයකදී විද්‍යුත් සංචාරක අවසර පත්‍රය හෝ සංචාරක වීසා ලබාගැනීම සඳහා පහසුකම් සලසන බව ද සඳහන් වේ.
කෙසේ වෙතත්, මෙය ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අදාළ වීසා අවශ්‍යතා සම්පූර්ණයෙන් ඉවත් කිරීමක් නොවන අතර, පැමිණෙන සියලුම මගීන් සාමාන්‍ය ආගමන පරීක්ෂණ ක්‍රියාවලියට සහ අදාළ වීසා හා විද්‍යුත් සංචාරක අවසර පත්‍ර කොන්දේසිවලට යටත් වන බවද සඳහන් වේ.
කෙසේ වෙතත් මෙරටට ඇතුළුවීමට අවසර ලබාදීමේ අවසන් තීරණය ආගමන බලධාරීන් සතු වන බව ද නිවේදනයේ අවධාරණය කර තිබේ.
කෙසේ වෙතත් පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීමෙන් අනතුරුව සාමාන්‍ය ක්‍රියාපටිපාටිය නැවත ක්‍රියාත්මක වන අවස්ථාවේ ඒ පිළිබඳව සංචාරකයින් දැනුවත් කිරීමට කටයුතු කරන බව අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.










































