
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ඉන්දියානු ප්‍රදාන ආධාර යටතේ ප්‍රකාශයට පත් කරන ලද අමෙරිකානු ඩොලර් මිලියන 450ක පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ පැකේජය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා අතර මෙම හමුව සිදු වූ බව සඳහන් වේ.
එහිදී පහත කරුණු කෙරෙහි දෙපාර්ශ්වයේ විශේෂ අවධානය යොමු ව ඇත.
දුම්රිය මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සහ තාවකාලික මෙන්ම ස්ථිර පාලම් ඉදිකිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක සීඝ්‍ර ප්‍රගතිය පිළිබඳව මෙහිදී සතුට පළ කෙරිණි.
නිවාස ප්‍රතිසංස්කරණය ආධාර යටතේ ක්‍රියාත්මක වන පූර්ණ හා අර්ධ වශයෙන් හානි වූ නිවාස යළි ඉදිකිරීමේ ව්‍යාපෘති තවදුරටත් කඩිනම් කිරීම පිළිබඳව සාකච්ඡා විය.
ඉන්දීය ණය පහසුකම් යටතේ වාහන මිලදී ගැනීම සහ පශු සම්පත් සැපයීමට අදාළ ව්‍යාපෘති කඩිනම් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගත් බව වැඩිදුරටත් සඳහන් වේ.










































