
දිස්ත්‍රික්ක 24ක් සඳහා ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
අද(24) පස්වරු 12ට නිකුත් කර ඇති මෙම නිවේදනය අද රාත්‍රී 11 දක්වා වලංගු වෙයි.
ඒ අනුව, අනුරාධපුර,අම්පාර,කළුතර,කෑගල්ල,කිලිනොච්චිය,කුරුනෑගල,කොළඹ, ගම්පහ,ගාල්ල,ත්‍රිකුණාමලය,නුවරඑළිය,පුත්තලම,පොළොන්නරුව,බදුල්ල,මඩකලපුව,මන්නාරම,මහනුවර,මාතර,මාතලේ,මුලතිව්,මොනරාගල,රත්නපුර,වව්නියාව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය වලංගු වෙයි.
මෙම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව නිවේදනයේ සඳහන් වෙයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි අවදානමක් පසුවන බැවින් ඒ පිළිබඳ අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.










































