
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නුවරඑළිය අඹේවෙල පට්ටිපොල සංරක්ෂිත වනාන්තරය තුළ නීතිවිරෝධී ලෙස පරිසර විනාශයක් සිදු කරමින් අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නුවරඑළිය අඩවියේ වන නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (23) සමත් වී ඇත.
වන ක්ෂේත්‍ර සහකාර මහතාට ලද තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් පැල්මඩුල්ල සහ ඉංගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.
ඔවුන් මීපිලිමාන ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන් ගෙන, දැඩි මුරකාවල් යොදවමින් ඉතා සංවිධානාත්මක ලෙස මෙම මැණික් ජාවාරම සිදු කර ඇති බවත්, එය ගම්පොල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් මෙහෙයවා ඇති බවත් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අඩවි වන නිලධාරි මහතාගේ මෙහෙයවීමෙන් බීට්ටු වන නිලධාරී සහ ක්ෂේත්‍ර සහකාරවරු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා අද (24) නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, නුවරඑළිය දිසා වන නිලධාරී මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.










































