
ඉන්දීය ජාතික සහායක ගුවන් නියමුවෙකු විසින් ප්‍රධාන ගුවන් නියමුවාට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියෙන් පසු මාස දෙකකට ආසන්න කාලයක් අත්හිටුවා තිබූ ෆ්ලයිඩුබායි (Flydubai) ගුවන් ගමන් නැවත ටෙල් අවීව් (Tel Aviv) දක්වා ආරම්භ කිරීමට ඊශ්‍රායල ප්‍රවාහන අමාත්‍ය මිරි රෙගෙව් (Miri Regev) අනුමැතිය ලබා දී තිබේ.
නොවැම්බර් 16 වනදා ඩුබායි හිදී පැවැති සාකච්ඡාවලින් අනතුරුව, අදාළ ගුවන් සමාගම විසින් ගෙන ඇති ආරක්ෂිත පියවරයන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.
කෙසේ වෙතත්, ගුවන්ගමන් නිල වශයෙන් ආරම්භ කිරීමට පෙර ඊශ්‍රායල ආරක්ෂක බලධාරීන්ගේ අවසාන අනුමැතිය හිමිවිය යුතු අතර, ඉදිරි සතියක් හෝ සති දෙකක් ඇතුළත මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.










































