
කුරුවිට ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී යතුරුපැදි සොරකම් කිරීම් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු යතුරුපැදි සහ යතුරුපැදි අමතර කොටස් තොගයක් සමඟ ඇළපාත පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ(23) ලද තොරතුරකට අනුව ඇළපාත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
එහිදී සැකකරුවන් සතුව තිබී යතුරුපැදි 03ක්,යතුරුපැදි චැසි කොටස්11ක්,යතුරුපැදි එන්ජින් කොටස් 05ක් සහ අංක තහඩු19ක් පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21 සහ 27 යන වයස්වල පසුවන කරුවිට සහ උඩවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඇළපාත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.










































