
කිලිනොච්චිය නගරයේ පිහිටි කිලිනොච්චිය වැවේ සිටින ලොකු කුඩා මසුන් දහස් ගණනක් එකවර මියයමින් පවතින බව ප්‍රදේශවාසීන් පවසති.
පසුගිය සෙනසුරාදා දින සිට මෙම තත්ත්වය හටගෙන ඇති අතර, මෙලෙස මියගිය මසුන් හේතුවෙන් ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් ද ව්‍යාප්ත වී තිබේ.
පැතිර යන දුර්ගන්ධය පාලනය කිරීම සහ සෞඛ්යාරක්ෂිත පියවරක් ලෙස, ප්‍රදේශයේ යුධ හමුදා නිලධාරීන්, ප්‍රදේශවාසීන්, ධීවර හා ජලජ සම්පත් කාර්යාලයේ මෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවකයින් එක්ව මියගිය මසුන් ඉවත්කිරීමට පියවර ගෙන ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කිළිනොච්චිය ධීවර හා ජලජ සම්පත් කාර්යාලයෙන් කළ විමසීමකදී එහි නිලධාරීන් සඳහන් කළේ වැවේ සොරොව්ව බිඳීයාම නිසා එය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වැවේ ජලය යම් ප්‍රමාණයක් පිටතට ඉවත්කිරීමට සිදු වූ බවයි.
ඒ අනුව වැවේ ජල මට්ටම සීඝ්රයෙන් පහළ බැසීම, ප්‍රමාණවත් පරිදි ජලය නොමැති වීම සහ පවතින ජලය අධික ලෙස රත්වීම යන කරුණු මෙම මසුන්ගේ මරණයට හේතු වන්නට ඇති බවට සැකපළ කෙරේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් හා මඟපෙන්වීම් යටතේ මියගිය මසුන් විනාශ කිරීමට කටයුතු යොදා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක බව ද අදාළ නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.










































