
ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියරට අයත් නිවාස 10,000ක වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ නව නිවාස 11ක් ඉදිකිරීමේ කටයුතු අද (21) ආරම්භ කෙරිණි.
ඉන්දීය රජයේ මූල්‍ය ආධාර සහ ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහය මත මෙම නිවාස වැඩසටහන ක්‍රියාත්මක වේ.
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 32ක වටිනාකමක් වෙන් කර ඇති අතර සියලු අත්‍යවශ්‍ය යටිතල පහසුකම්වලින් සමන්විත නිවසක් ප්‍රතිලාභී පවුල් වෙත ලබා දීමටද නියමිතව තිබේ.
ඒ අනුව බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දෙබැද්ද වතුයායේ වේවැස්ස ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත මෙම නව නිවාස 11 සඳහා මුල්ගල් තැබීම අද පාර්ලිමේන්තු මන්ත්‍රී අම්බිකා සාමිවේල් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙම වැඩසටහන මඟින් වතු ප්‍රජාවට සුරක්ෂිත නිවාස හිමිකමක් ලබාදෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවද අමාත්‍යාංශය සඳහන් කළේය.



















































