
දකුණු අප්‍රිකාව සමග සෙන්චූරියන්හිදී පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරු මුෂ්ෆිකර් රහිම්ට අහිමිව තිබේ.
ඒ, දෙරට අතර පැවැති පළමු තරගයේදී ඔහුගේ ඉඟටිය ප්‍රදේශයේ ඇති වූ ආබාධ තත්ත්වය තවමත් සුව නොවීම හේතුවෙනි.
එමෙන්ම වැලමිට ප්‍රදේශයේ ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් බංග්ලාදේශයේ වේගපන්දු යවන ක්‍රීඩක හසන් මහමුද් හට ද මෙම තරගය අහිමිවනු ඇත.
මුෂ්ෆිකර් රහිම් වෙනුවට මොහොමඩ් නයිම් හෝ ජකර් අලි කණ්ඩායම ක්‍රීඩා කරනු ඇතැයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කරයි.



















































