
අසත්‍ය ප්‍රචාර පතුරවමින් මෙරට අහිංසක මලයහ ජනතාව නොමග යැවීමෙන් වළකින ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.
සිය X ගිණුමේ සටහනක් තබමින් එ් මහතා මේ බව සඳහන් කර තිබේ.
ඔහු සඳහන් කර ඇත්තේ තේ, පොල්, තල් සහ වැවිලි කර්මාන්ත සංවර්ධනය සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 13,000ක අයවැය ප්‍රතිපාදනය මලයහ ජනතාවගේ සමාජ හා ආර්ථික සංවර්ධනය සඳහා පමණක් වෙන් කළ මුදලක් ලෙස රජයේ දේශපාලනඥයින් සහ ඔවුන්ගේ සමාජ මාධ්‍ය ප්‍රචාරක කණ්ඩායම් විසින් නොග යවා ඇති බවය.
මෙවැනි නොමග යවන සුළු ප්‍රචාර හේතුවෙන් කිසිවක් නොදන්නා අහිංසක වතුකරයේ ජනතාව අතර ව්‍යාජ බලාපොරොත්තු ඇතිවන බවත් ඒ තුළින් ජනාධිපතිවරයාගේ විශ්වසනීයත්වයටද හානි කරන බවත් ඒ මහතාගේ පණිවිඩයේ සඳහන් වේ.
ඔහු සඳහන් කර ඇත්තේ මලහය ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් අරමුදල් වෙන් කිරීමට අපොහොසත් වීම එක් කාරණයක් නමුත් අසත්‍ය තොරතුරු පතුරුවා ඔවුන් නොමග යැවීම ඊට හාත්පසින්ම වෙනස් කාරණයක් බවය.
ඒ අනුව මෙම අසත්‍ය ප්‍රචාර තවදුරටත් සිදුවීමට ඉඩදී නිහඬව බලා සිටිය නොහැකි බවත් සඳහන් කර ඇති ඒ මහතා ඒ අනුව මලයහ ජනතාව නොමග යැවීමෙන් වළකින ලෙසද ඒ මහතා සිය x ගිණුමේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

















































