
අයවැයෙන් ඉදිරිපත් කළ සංවර්ධන ව්‍යාපෘති සංඛ්‍යා ලේඛනවලට සීමා නොකර ප්‍රායෝගිකව ඉටුකළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ඉදිකිරීම් ප්‍රදර්ශය නැරඹීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ අදහස් පළකළේය.
එහිදී වැඩිදුර අදහස් දැක්වූ විපක්ෂනායකවරයා,
"ඉදිකිරීම් කර්මාන්තය අද යම් මට්ටමක කඩා වැටීමකට ලක්වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ඉදිකිරීම් කර්මාන්තයට ලැබිය යුතු ප්රාග්ධනය ටෙන්ඩර් ක්‍රමවේද අනුගමනය කිරීම අයවැය කතාවල කතාකරන ඉදිකිරීම් ඇත්තවශයෙන්ම ඒ වසර තුළ ඒ ඉදිකිරීම් කර්තව්‍යයන් ක්‍රියාත්මක වෙන්නට ඕනි. අයවැය කතාවෙන් සංඛ්‍යා ලේඛන කිව්වා කියලා ඒ ගිරා පෝතක පොරොන්දුවලින් ඒක මහපොළොවේ සත්‍යයක් වෙලා ජනතාවට ප්‍රතිලාභය ලැබෙන්නේ නෑ.. හදනවයි කියපු ගෙවල්ටික හැදෙන්නේ ඕනි.පාලම්ටික හැදෙන්නට ඕනි මාර්ග ටික හැදෙන්නට ඕනි. හදනවයි කියපු ආයතන ටික හැදෙන්නට ඕනි. මොකද ඒ ඉලක්ක ක්‍රියාත්මක වෙද්දි ඉදිකිරීම් කර්මාන්තයට ශක්තියක් ලැබෙනවා. වැදගත්ම දේ තමයි අයවැයෙන් දුන් පොරොන්දු ඉශ්ට කරන්නට ඕනි"
















































