
කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශය පුරා මහජනතාවට සහ රථවාහනවලට බාධා වන පරිදි අයාලේ යන ගවයින් ඇල්ලීමේ වැඩසටහනක් එම නගර සභාව විසින් ආරම්භ කර ඇත.
එම ගවයින් අනුරාධපුර, රඹෑව පිහිටි රජයේ සත්ත්ව ගොවිපොළ වෙත භාරදීමට නියමිතය.
වසරක පමණ කාලයක් තිස්සේ සිදුකළ විධිමත් අධ්‍යයනයකින් අනතුරුව නගර සභාව විසින් මෙම තීරණය ගෙන ඇත.
මාලබේ, කහන්තොට, පෝරේ, අතුරුගිරිය සහ වල්ගම ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව කාලයක සිට මෙම අයාලේ යන ගවයින් හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටියහ.
මෙම තත්ත්වයට විසඳුමක් ලෙස දින 3ක සිට දියත්කර ඇති මෙම වැඩසටහන අද අතුරුගිරිය නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක විය.
ගතවූ දින 3ට අයාලේ ගිය ගවයින් 35 දෙනෙකු පමණ අල්ලා කොටුකර ගැනීමට හැකිවී ඇත.
අල්ලාගනු ලබන ගවයින්ට අවම හිංසනයක් වන පරිදි මෙය සංවිධානය කර ඇති අතර, එම සතුන් හඳුනාගැනීම සඳහා කන්වල මුද්‍රා තැබීමට පියවර ගෙන තිබේ.
රුපියල් ලක්ෂ 17ක පමණ පිරිවැයක් දරමින් ක්‍රියාත්මක වන මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය, කඩුවෙල මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරියගේ සහ පශු අංශ භාර වෛද්‍යවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකෙරේ.
















































