
ජනාධිපතිතුමාගේ මාර්ගෝපදේශකත්වයෙන් ජනාධිපති අරමුදලේ නව වැඩසටහනක් ලෙස හඳුන්වා දෙන ලද ඇස් කණ්ණාඩි අවශ්‍යතාව ඇති සියලු විශ්වවිද්‍යාල සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහන යටතේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් තෝරා ගැනීම ඊයේ (14) එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී සිදු විය.
මෙම විශේෂ වැඩසටහන යටතේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් 800කට අධික පිරිසක් ඇස් පරීක්ෂාව සඳහා සහභාගී වී ඇති අතර, එහිදී ඇස් කණ්ණාඩි ලබාදීම සඳහා හඳුනාගත් සිසු සිසුවියන් 526 දෙනෙකු වෙනුවෙන් ඉදිරි මාසය ඇතුළත නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමට කටයුතු යොදා ඇත.
එක්සත් රාජධානියේ Stroud Rotary Club සහ Wish පදනමේ අනුග්‍රාහකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ පළමු අදියර රජරට විශ්වවිද්‍යාලයේදීත්, දෙවන අදියර රුහුණු විශ්වවිද්‍යාලයේදීත් මීට පෙර සාර්ථකව පවත්වන ලදී.
ඊයේ පැවැති මෙම අවස්ථාව සඳහා ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ, යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. ප්රතීපන්, යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ටී. වෙල්නම්පි යන මහත්වරුන් ඇතුළු පීඨාධිපතිවරුන්, විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලය සහ සිසු සිසුවියන් විශාල පිරිසක් එක්ව සිටියහ.
















































