
ආහාර සැකසීමට යොදාගන්නා කල් ඉකුත් වු තෙල් බෝතලයක් සම්බන්ධයෙන් කොළඹ අවන්හලක් පවත්වාගෙන යන සමාගමකට දඩ පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.
ඒඅනුව අදාළ සමාගමට රුපියල් ලක්ෂයක දඩමුදලක් පනවා ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් පසුගියදා අදාළ අවන්හලේ සිදුකළ විමර්ශනයකදී මෙම කල් ඉකුත්වු තෙල් බෝතලය හමුවී ඇති බව සඳහන් වෙයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය නොවැම්බර් 11 දන කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය වෙත පැමිණිල්ල ඉදිරිපත් කර තිබු අතර එහිදී අධිකරණය විසින් අදාළ සමාගමට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර තිබේ.
















































